පදරචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
ගායනය - චන්දන ලියනආරච්චි
සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි
මං කවුළුව හැර තබාවි
ඇය සේළ පලස එලාවි
පිනි බිංදු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි
කළු වළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි
මට හොදටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි
🌺🌺මෙහිදී ඔහු සඳ කුමාරි මගෙ මනාලි කියලා අදහස් කරන්නේ රාත්රියේ පායන හඳ ඔහු මනාලියක් වගේ දකිනවා,ඉන් අනතුරුව කාන්තාවකගේ ක්රියාවන් ඔහුගේ හිතේ මැවෙන්න පටන් ගන්නවා.කාන්තාව ඇගේ කොණ්ඩය මුදාහරින ආකාරය,ඔහුගේ කවුළුව අසලට පැමිණ ඔහුට පැමිණීමට ආරාධනා කරන ආකාරය ඔහු මනසින් දකිනවා.
දෙවෙනි පද පෙළින් කියනව,"මං කවුළුව හැර තබාවි ඇය සේල පලස එලාවි"ඔහු තවදුරටත් සිහිනෙන් දකිනවා ඔහුගේ කවුළුව තුළින් හඳ එළිය ඔහුගේ යහනට පතිත වන ආකාරය,ඒ සිදුවීම ඔහු දකින්නේ කාන්තාව ඔහුව ඇය අසලට ගෙන්වා ගැනීමට පලසක් එලනවා වගේ..මේ සිදුවීම සිහිනයක් වුවත් ඔහු සිතන්නෙ එය අනාගතයේ දී සැබෑවටම සිදුවන දෙයක් ලෙසටයි..ඒ නිසා ඔහු අනාගත කාල වැකි භාවිතා කරලා තියෙනවා.
ඔහු තවමත් මේ මනෝ ලොවේ කාලය ගතකරන වෙලාවේ එය කෙමෙන් බිඳෙන්න පටන් ගන්නවා."කළු වළාකුලක් ඇදේවි සඳ මුහුණ මුවා කරාවි මට හොදටම දුක හිතේවි රැය එළි වෙනකන් හඬාවි"මොහුගේ මේ දකින්නේ ඔහු ආලය කරන හෝ ආලය ලබා දීමට අපේක්ෂා කරන තරුණිය පිළිබඳවයි.එහිදී ව්ම තරුණිය ඔහුට ආදරය කරාවිද, යන කුතුහලය සිතට නැගෙනවා.ඇය ඔහුගේ ආදරය ප්රතික්ෂේප කළහොත් ඉන් අනතුරුව ඔහුට ගොඩක් දුක හිතේවි,ඔහු ඉතිරි කාලය දුකින් ගත කරයි කියලා මේ පුද්ගලයා කියනවා.
ඒ ආකාරයට ලස්සන ගීතයක් රසවිඳීමේ හැකියාව ලැබුනා.🌺🌺

Lassani
ReplyDelete❤️❤️🫣🥰
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️😍
ReplyDelete👌🤞
ReplyDeleteWow sihini
ReplyDelete👍♥️👌💪
ReplyDelete❤✨️🌼
ReplyDeleteWow..
ReplyDelete🌟
ReplyDeleteMaru
ReplyDeleteMe sinduwa Gana nm monw kiyanna oneda kiyl matawath hitha ganna ba
ReplyDeleteHarima lassanai
ReplyDeleteHarima lassanai
ReplyDeleteඔහොම යමු නියමයි
ReplyDelete😘😘
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete🤩🤗
ReplyDeleteWow viral una sinduwak.
ReplyDeleteමරු
ReplyDelete