පදරචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - යූ. ආරියවිමල් , ගාමිණී සමරකෝන්
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ අහස සූරන මැදුරු
පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් මැද
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිබින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සැණකෙළි පුරාහඳේ නිකිනි අවන්හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා
සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපන්නේ
🌺🌺මේ ගීතය ලංකාවේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් වන තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ එන ගීතයක්..මේ නාට්‍ය රෝම නාට්‍ය රචක ප්ලෝටස්ගේ නාට්‍යයක් පාදක කරගනිමින් තමයි ප්‍රතිනිර්මාණය වුනේ.බොහොම පොඩි කාලයේ ඉදන්ම වෙන්වුන නිවුන් සහෝදරයන් දෙදෙනෙක්ගේ කතාවක් තමයි මේ නාට්‍ය.එහිදී එක නිවුන් සහෝදරයෙක් ආදරය කරනවා අභිසාරිකාවකට(ගණිකාවක්).ඉන් අනතුරුව මේ අභිසාරිකාව මේ අනෙක් නිවුන් සහෝදරයා සමඟ ආදරයක් ඇති කරගන්නවා.ඒ පිළිබඳව මේ නාටකය පුරා විහිදිලා තියෙනවා.
මේ ගීතයෙන් කියන්නේ එක සහෝදරයෙක් සිංගප්පූරුවට යනවා.මොහු ඒ රටේ තියෙන ලස්සන ලස්සන දේවල් දැකලා පුදුම වෙනවා.ඒ ගැන කෙරෙන විස්තරයක් තමයි මේ ගීතය.
මේ තරුණයා අලුත් රටකට ගිහින් ඒ රටේ සුන්දරත්වය විස්තර කරනවා."සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ" ඒ රට හරිම ලස්සනයි,ඒ වගේම ලස්සන පාරවල් තියෙනවා,අහස උසට හැදුන විශාල ගොඩනැගිලි මේ රටේ තියෙනවා කියලා කියනවා.
"පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් මැද දෙව්ලොව නැති සැප විකුණන්න නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්නේ"මේ කියන්නෙ ඒ රටවල පාර දෙපැත්තේ සල්ලි දීලා මිලදී ගන්න පුළුවන් කාන්තාවන් ඉන්නවා කියලා.ඒ වගේම මිනිස්සු තමන්ට කැමති දේවල් මිලදී ගන්න සල්ලි ගොඩක් වියදම් කරන පුද්ගලයින් ඉන්නවා.ඒත් ඔවුන් එයින් සෑහීමකට පත්වෙන්නෙ නෑ.
"ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිබින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා"මේ කියන්නේ කාන්තාවන් ඉන්නේ මුහුණ පුරා විවිධ වූ ආලේපන තවරගෙන,ඔවුන් ඉතා කෙටි දුහුල් ඇඳුම් ඇඳලා ඉන්නේ.ඒ ඇඳුම් වලට කාන්තාවන්ගේ නාරිලතා මල (ඇඳුමෙන් වසා සිටිය යුතු අවයව)පවා ඉස්මතු වෙලා පේනවා.ඒ කාන්තාවන් ඒ විදියට හැසිරෙන නිසා වැසුනු දොරවල් විවර වෙනවා.ඒ නිසා රහසේ සිදු අරන කටයුතු මේ රටේ එලිපිට සිදුවෙනවා.විදේශීය රටවල මේ සිදුවීම සාමාන්‍ය දෙයක් නිසා කවුරුන් ඒ ගැන මැසිවිලි කියන්නේ නෑ.
"සැනකිලි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා" මුලු නගරයම සැණකෙළියක් වගේ.ලස්සනට,ප්‍රබෝධමත් ව තියෙනවා හඳ පායලා තියෙන දවසක් වගේ.මේ රටේ හැමතැනම මිනිස්සු ප්‍රීතියෙන් ජීවත්වෙනවා කියලා තමයි කියන්න උත්සාහ කරන්නෙ.කාගෙත් හිත වල් දුක් නිවන ගීත ඇහෙනවා...මේ කියන්නේ රාත්‍රි සාද පවත්වන ස්ථාන ගැන.ඒ ශාලා වල මධුවිත පුරවාගත් බඳුන් ගේන කාන්තාවන් දැක්කම මධුවිතින් මත්වුන රකුසු ඇස්වල පාලුව නතිවෙන්වා කියලා මේ ගීතයෙන විස්තර වෙනවා.
අපේ රටෙන් වෙනත් රටකට ගිය තරුණයින් දෙදෙනෙක් ඒ රටේ දැකපු සුන්දරත්වය පිළිබඳව මේ ගීතය පුරාවට විස්තර කෙරුණා.🌺🌺

😯😯😯
ReplyDelete✌️✌️
ReplyDeleteLassana i
ReplyDeleteHarima lassanai ❤️
ReplyDeleteAttama niyamay oya me sinduwa විචාරයට lak krpu eka nangi 🤗🤗
ReplyDelete❤️💫
ReplyDeleteFatta
ReplyDeleteNiyamai
ReplyDeleteSupiri..🤗
ReplyDeleteSuperb sihinii..❤🌼
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteWell done sihinii🤞
ReplyDeleteGreat !❤
ReplyDeleteGreat 👍👍
ReplyDelete✌✌🤩
ReplyDelete👍👍👍👍
ReplyDelete