පදරචනය - විශරද අභිශේකා විමලවීර
සංගීතය - ගිම්හාන කොමන්ගොඩ
ගායනය - විශාරද අභිශේකා විමලවීර ,ප්‍රනීර්ශා ත්‍යාගරාජා
සබදිනී මා ඔබේ
රතදර කෝඩුකාර කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි සබදිනි මා ඔබේ
රාමුවකට ගන්න දෙනවදෝ ඔය හිනාව
නෙළුම් තුඩු වටා ඇන්ද නියරටා
සළු පටින් වසා ඉන්නම් හීන බල බලා
සලලාන මාගෙ හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
ඔබගේ ආලෙන් දුන්නු ඒ නිදානෙන්
දින ගැන ගැන හිඳිමි සබදිනි මා ඔබේ
පාද සළඹෙ ගිගිරි පාලුවෙන් හනික එන්න
නෙළුම් තුඩු වටා ඇන්ද නියරටා
සළු පටින් වසා ඉන්නම් හීන බල බලා
සලලාන මාගේ හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
අටවෙනි ස්වරය ඔබද ඔබ ළඟ ළඟම නේද
දින ගැන ගැන හිඳිමි
🌺🌺 මේ ගීතය තම පෙම්වතා එනතුරු බලා සිටින පෙම්වතිය සිය සහෝදරිය සමඟ ගායනා කරන ගීතයක්.
ඇය තමාගේ පෙම්වතාට කියනවා,තමන් ඔහුගේ මිතුරිය බව ඒත් ඇය හුදෙක් මිතුරියක්ම පමණක් නෙවෙයි.ඔහු එනතුරු දින ගණින,දෙවියන්ට භාරහාර වෙන පූජා පවත්වන කෙනෙක්.ඒ වගේම තමාගේ ජීවිතයේ පළමු හාදුව වත් නොලබපු තමන්ගේ කෝඩුකාර දෙතොල සමඟ මග බලාගෙන ඉන්න තරුණියක්.
මේ පෙම්වතා ඇය ළඟ නොමැති නිසා ඔහුගේ හිනා පිරි මූණ ජායාරූපයකට ගන්න ඇය උත්සාහ කරනවා.ඇය එතරම්ම ආදරෙයි.ඔහු නොමැති පාලුවෙන් ඇය ඉන්නවා.ඒ ඉන්න අතරේ ඇය කියනවා,නෙළුම්තුඩු වටා ඇන්ද නියරටා සළුවෙන් වසාගෙන ඉන්නම් කියලා.මේ නෙළුම්තුඩු වලට උපමා කරන්නේ පියයුරු.පාලුව නිසා ඇය තබාගත් නියරටා ඔහු පැමිණෙන තුරු වසාගෙන ඉන්නම් ඔබ ඉක්මනට එන්න,ඔබ සමඟ එක්ව ඉන්න හීන ඇය දකිමින් ඉන්න නිසා ඇගේ හීන අවදිවෙලා තියෙනවා,ඒ නිසා හනික එන්න් කියලා පෙම්වතාට ආරාධනා කරනවා.
මේ පෙම්වතාගේ ආදරය ඇයට නිධානයක් තරම් වටිනවා.ඒ ආලය ඇයට ඔහු එනකන් බලන් ඉන්න ශක්තියක් ලබාදෙන බව ඇය කියනවා.
පාද සලඹක ඇති ගිගිරි අපූරු හඬක් ලබාදෙනවා.ඇය හීන බලමින් ඉන්න නිසා ගිගිරි හඬක් වත් නොනැගෙන ආකාරයට නිසොල්මනේ ඇය ඉන්නවා.ඒ නිසා හනික එන්න "සලලාන" කියනවා.කෙළිලොල් තරුණයාට ඇයට උණුසුම ලබාදීමට එන්න කියනවා.
පෙම්වතා ගැන හිතමින් හීන දකින මේ තරුණියට සිය නින්ද අහිමි වෙලා.රාත්‍රියේ පිපෙන මල් වල සුවඳ ඔහුගේ සුවඳ බව ඇය කල්පනා කරනවා.මේ ප්‍රේම ගීතයට ඔබව අවශ්‍යයි.ඔබ මගේ ගීතයේ අටවෙනි ස්වරය බව ඇය කියනවා.
මේ පෙම්වතිය සිය පාළුව මකාගන්න ඇගේ සහෝදරිය සමඟ කතා කරමින් ඉන්නවා..ඒ ආකාරයට ලියවුණු ඉතාම අපූරු ගීතයක්.🎶
