පදරචනය - මනුරංග විජේසේකර
ගායනය - උමාරියා සිංහවංස
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා
තරු කඩා හැලෙන දවසක්
අපි හිනාවුනා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනේ ඉන්නයි ආසා
හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
හිස සිදී ගියත් නුඹවම පැතුවා
🌻🌻 මේ ගීතය මෑත කාලයේ දී ගොඩක් ජනප්‍රිය වුන ගීතයක්.මෙය අතීත රජ සමයේ කතාවක් ලෙස හා මැදපෙරදිග කලාපීය සංගීතයක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා.
"විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා"මෙතැනදී රහස් ආදර කතාවක් ගැන කියවෙනවා..විල්තෙර කියලා මෙතෙන්දි අදහස් වෙන්නේ,රාගය ආසාව හා අනවසර ප්‍රේමය ගැන.අනවසර ප්‍රේමයකට වැඩි වෙලාවක් නෑ.ඒ නිසා අපිට ලැබෙන මේ පුංචි වෙලාවේ,ප්‍රේමය විඳ ගන්නේ ඉක්මනට එන්න කියනවා.
ඊට පස්සේ මේ දෙවැනි කොටසින් කියනවා,"තරු කඩා හැලෙන දවසක් අපි හිනා උනා වරුවක්"රාත්‍රී කාලයේ දී ඔවුන් ගොඩක් සන්තෝසයෙන් කාලය ගත කලා කියලා.ඒ සතුටින් ගතකළ අවස්ථාව පවතින්න කියලා ඇය අපේක්ෂා කරනවා.ඇය ඒ පිළිබඳව හීන දකිනවා.
මොවුන් දෙදෙනාගේ මේ අනවසර ප්‍රේමය නිසා ඔවුන්ට බොහෝ වෙලාවක් එකට එකට කාලය ගත කරන්න බැහැ.ඒ නිසා ඔබ දුරින් ඉන්න වෙලාවට ඇගේ හදවත කම්පා වෙනවා.මොවුන් දෙදෙනාගේ මේ රහසිගත ප්‍රේමය සියලු දෙනාටම රහසක් විදියට මොවුන් සිතුවත්,මේ පිළිබඳව ඇතැම් පුද්ගලයින් දැනගෙන සිටි බව මෙයින් අදහස් කරනවා.ඒ නිසාම හිස සිඳී ගියත් මම ඔබවම අපේක්ෂා කරනවා කියලා ඇය කියන්නේ🌻🌻.

ලස්සනයි ❤️
ReplyDelete❤️❤️
ReplyDeleteGood...👍
ReplyDelete❤️ sihini
ReplyDeleteGood
ReplyDeleteNangi meka mokak hari story lline ekak padaka krgenada danne na නේද ?
ReplyDelete😍😍
ReplyDeleteGood one
ReplyDelete👍👍👍👌
ReplyDeleteMe sinduwe mehema deyak kiyala thiyenwada..😮
ReplyDelete