පදරචනය - චන්ද්‍රසේන තලංගම
සංගීතය - චරිත අත්තලගේ
ගායනය - රිද්ම වීරවර්ධන
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම්
දමා කඩුක්කන් ඔටුනු නළල්පටි
කඩුව කරකවා සබයට එන හැටි
බලා හිඳින අඟනුන් සත්තයි
ආලේ බඳී රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි
කියා එද්දි අද මං සත්තයි
ආලේ බඳී අඟනුන්
🌻🌻 මේ ගීතය නාඩාගමක් රඟදැක්වීම පිළිබඳව රචනා කරලා තියෙනවා.මේ ගීතයේ එන කතානායකයා නාටකයේ ප්‍රධාන චරිතය රඟදක්වන්න සැරසෙනවා.
මේ තරුණයා අජාසත්ත චරිතයට පනපොවන්න සැරසෙනවා.අජාසත්ත රජු දරුණු පුද්ගලයෙක්.ඔහු හිටනවා ඔහු හෙට දිනයේ රජ චරිතය රඟදක්වද්දි ගමේම ඉන්න තරුණියන් ඔහුට ආලය කරයි කියලා ඔහු කියනවා.
මේ තරුණයා රාජ චරිතයට වෙස් අරන් ඔටුන්න,නළල්පටි පැළඳගෙන කඩුව කරකවමින් එනවිට චරිතය කුමක් වුවත් මේ තරුණයාගේ බාහිර ස්වරූපයට බලාඉන්න කාන්තාවන් රහසින් හෝ ආලය කරයි කියලා තරුණයා හිතනවා.මෙයින් කාන්තාව උපහාසයට ලක්කරනවා.පුද්ගලයා කවුරු වුනත් කාන්තාවන් බාහිර පෙනුමට පමණක් වශී වෙනවා.
මේ කොටසින් කියනවා පියා මරපු රජතුමා ට පවා මිනිසසුන් උතුම් කොට සලකනවා.කාන්තාවගේ බොළඳ බව මෙයින් පෙන්වා දෙනවා.පුද්ගලයෙක් දුටු පමණින් වශීවෙන,බාහිර පෙනුමට පමණක් ආලය කරන දුරදිග නොබලා කටයුතු කරන කාන්තාවන් පිළිබඳව මේ ගීතය තුළින් විස්තර කෙරෙනවා.🌻🌻

Good job Sihini
ReplyDeleteGood
ReplyDeleteලස්සනයි 💜️
ReplyDeleteNice ❤👍
ReplyDeleteGood
ReplyDelete👍👍👍
ReplyDeleteWow.ලස්සනයි
ReplyDeleteමං ආසම සිංදුවක්
ReplyDeleteලසානයි
ReplyDelete