Thursday, April 6, 2023

රා රා රා බොම්බියේ

 








පදරචනය - සුනිල් සරත් පෙරේරා 

සංගීතය - මහාචාර්ය රෝහණ වීරසිංහ 

ගායනය - සුනිල් එදිරිසිංහ 



රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
ජපන් මැන්ඩලින් නදකර 
අවුරුදු එයි හන්දියේ 

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ

අවුරුදු එයි හන්දියේ මුවාවෙයන් නංගියේ 
අවුරුදු එයි හන්දියේ මුවාවෙයන් මල්ලියෙ 

ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලේ බැන්ජෝ
කාගෙන්වත් පට්ටන්තර මොකටද සිංඤො
කාලෙන් කාලෙට කියවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා 

අවුරුදු එයි හන්දියේ මුවාවෙයන් නංගියේ 
අවුරුදු එයි හන්දියේ මුවාවෙයන් මල්ලියෙ 


⭕⭕ මේ ගීතය මේ දිනවල ගොඩක් ඇහෙන ගීතයක්.බොහෝ විට බැලු බැල්මට පේන්නේ මේ අවුරුදු ගීතයක් කියලා.නමුත් මෙය අවුරුදු ගීතයක් නම් නෙවෙයි.මේ ගීතයේ කියවෙන්නේ පිටරටින් මෙරටට එන අලුත් භාණ්ඩ, සිරිත් විරිත් වලට වහල් නොවී දේශීයත්වය රැකගනීම සම්බන්ධව කියවෙන ගීතයක්.

මේ ගීතයේ ජපන් මැන්ඩලින් කියලා සඳහන් කරන්නේ පිටරටින් මෙරටට එන නව විලාසිතා,විවිධ භාණ්ඩ,විවිධ සිරිත් විරිත් ගැන.අවුරුදු කියලා අදහස් කරන්නේ ඒ අලුතින් මෙරටට එන දේවල් මෙරට පුද්ගලයින්ගේ නෙත ගැටීම.මින් පෙර නොදැකපු අලුත් අලුත් දේ දැකීම ජනතාවට අවුරුදු ආවා වගේ දැනෙනවා.ඒ නිසා අලුතින් එන දේවල් වලට හසුනොවී මුවා වෙන්න කියනවා.

"උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ" මෙයින් කියන්නේ ලංකාවේ මිනිස්සු තමන්ගේ දේවල් පිළිබඳව ලෝකෙට පෙනෙන්න අධි මානසිකත්වයකින් සිටියත් ඊට නොගැලපෙන විදේශීය දේවල් පැමිණීම නිසා දේශීයත්වය විනාශ වෙලා යනවා කියලා.මීළඟට "සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ" අපේ රටේ පවතින වස්තූන් අගය කරලා තියෙනවා.ඒවායේ වටිනාකම පෙන්වා දෙනවා.

වියෝලේ බැන්ජෝ ආදී විදේශීය සංගීත භාණ්ඩ වල සංගීතය ඉතා මිහිරි වුනත් ඒ සංගීත හා භාණ්ඩ අපට අවශ්‍ය නොවන බව කියනවා."කාලෙන් කාලෙට කියවෙයි නෙක නෙක බයිලා දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා" එක එක කාලයට මොන දේවල් ආවත් තමන්ගේ දේ රැකගන්න නුවණින් වැඩ කියලා මේ පද පෙළින් කියනවා.⭕⭕

12 comments:

  1. Man hithuweth meka aurudu sinduwak kiyala.😁

    ReplyDelete
  2. Replies
    1. හොද පැහැදිලි කිරීමක් ❤️

      Delete
  3. මේ දවස් වල අහන්න ලැබෙන සින්දුවක්...හරිම තේරුම දැන් දැනගත්තේ...ස්තූතියි සිහිනී 😍❤

    ReplyDelete
  4. Me sinduwa aurudu gana kiyanawa kiyla hithuwe.ada thamai hari theruma danagaththe.😊

    ReplyDelete

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...