පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා ආරාධනා
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා ආරාධනා
🌺🌺 මේ ගීතය 1981 දී තිරගත වූ "ආරාධනා" චිත්‍රපටයේ එන ගීතයක්.මේ ගීතයට රංගනයෙන් දායක වුනේ රවීන්ද්‍ර රන්දෙණිය හා මාලනී ෆොන්සේකා රංගන ශිල්පීන් දෙදෙනායි.
මේ ගීතයේ එන කතානායකයා ඔහුගේ බිරිඳගේ වෙන්ව යාම හේතුවෙන් තනිවෙලා ඉන්නවා.ඔහුට ඒ දුක තවත් විඳගන්න අපහසුයි.ඒ නිසා අතීතය අමතක කරලා ඔවුන්ගෙන් ගිලිහුන සතුට අරන් නැවත එන්න කියලා බිරිඳට ආරාධනා කරනවා.
මේ කොටසින් රචකයා අලංකාර පද යොදාගෙන තියෙනවා."නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ කාලයේ වෙරළේ" හදවත නම් පාවුරේ නෙළුව කැටයම් කාලයත් සමඟම මැකිලා ගිහින් ද කියලා අහනවා.ගල් කැටයමක් මැකෙන්න බොහෝ කාලයක් ගත වෙනවා.ඒ අඳුරු අතීතය හෙමින් අමතක කරා ගමන් අපේ ආදරයේ මල් යලිත් පිපෙයි කියලා මොහු කියනවා.
විවාහ ජීවිතය ගත කරද්දී ඒ ජීවිතයට සුරතල් සිඟිති දරුවෙක් පැමිණීම ඒ ජීවිතය තවත් අලුත් කිරීමක් වෙනවා.මොහු මේ සිඟිත්තා නිසා ඔහු නැවත ඉපදුනා වහේ හැඟීමක් ඔහුට දැනෙනවා.ඉතින් මේ ලෝකයෙන් සමුගෙන යන්න කලින් ඔබේ ආලෝකයෙන් ආයෙත් ඔහුගේ ජීවිතය එළිය කරන්න ඇයට ආරාධනා කරනවා.🌺🌺

හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤️
ReplyDelete❤️
ReplyDeleteWow
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👌👍
ReplyDeleteGood job
ReplyDelete👌
ReplyDelete👍👍👍👍❤️
ReplyDelete😍😍😍😍😍
ReplyDelete✌✌👍
ReplyDelete👍👍👍
ReplyDeleteමම කැමති ම ගීතයක් .❤👍
ReplyDeleteසින්දුවයි තේරුමයි හරිම ලස්සනයි
ReplyDelete