පදරචනය - මනුරංග විජේසේකර
සංගීතය - සනුක වික්‍රමසිංහ
ගායනය - සනුක වික්‍රමසිංහ
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳී
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳී
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනී
🌻🌻 පේරාදෙණිය සරසවිය හා බැඳුන තවත් ලස්සන ගීතයක් තමයි මේ 'අවසන් සටන' ගීතය.මේ ගීතය රචනා කරන්නෙ නව පරපුරේ රචකයෙක් වන මනුරංග විජේසේකර.
මේ ගීතයේ එන කතානායකයා තමන්ගේ ප්‍රේම සටන අවසන් කරගන්න බැරිව ආදර සටනින් පරාද වුන කෙනෙක්.ඔහු කරන හේතු දැක්වීමක් ලෙස මේ ගීතය රචනා කරලා තියෙනවා.
"අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුණේ අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ" මේ පද පේලි දෙකෙන් කියවෙන්නෙ මීට කලින් ඔහුට තම ප්‍රේම තිබිලා තියෙනවා.මේ ඔහුගේ අවසන් වසර,මීට ප්‍රථම වසර වසරවල් වලටත් ඔහුට ආදර කතා තිබිලා තියෙනවා කියලා තමයි ඔහු කියන්නේ.ඊටපස්සේ ඔහු කියනවා "සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි උනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ"සරසවිය කියන්නේ සිසුන් බොහෝ දෙනෙක් ඉන්න තැනක්.මෙහිදී ඔහු සරසවි උයන තනි වූ දිනක කියලා කියන්නේ සරසවියේ නිවාඩු දවසක් ගැන.ඇතැම් විට මේ යුවල සරසවියේ ගත කරන අවසන් දවස වෙන්නත් පුළුවන්.ඒ වගේමයි පේරාදෙණිය සරසවිය,හන්තාන හා මහවැලිය දමවැලක පුරුක් වගේ එකිනෙකට සම්බන්ධයි.සරසවිය ගැන කියද්දී නිතැතින්ම අපට මහවැලිය හන්තාන සිහියට නැගෙනවා.ඒ නිසා මේ තරුණයා කියනවා මම ඒ විඳපු ආදරයේ මතක ඔහු මගවැලියේ මිහිදන් කරනවා කියලා.මේ විදියට ඔහුගේ අවසන් වසරේ අවසන් ප්‍රේමය ගැන පළමු කොටසින් විස්තර වුණා.
ගීතයේ දෙවැනි කොටසින් මේ තරුණිය පිලිබඳව විස්තර කරනවා."නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති" මේ තරුණයා කියනවා මේ තරුණිය සමඟ සිටි කාලය ඉතා සුන්දරයි.ඇය නිසා මේ තරුණයාගේ හිතේ ඇතිවුණ රාගික සිතුවිලි යටපත් වුනා කියලා ඔහු කියනවා.'ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති'..මේ තරුණයාගේ හිතේ නිතරම රාගී සිතුවිලි දළු දානවා."වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳී නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි"වරහනක් යෙදීමෙන් කරන්නේ දෙයක් සීමා කිරීමක්.,මේ තරුණියගේ ආදරය තුළ සීමා තිබුනේ නෑ.එහෙම අසීමාන්තිකව ලබා දීපු ආදරයට ඔහු දුක් දුන්න නිසා දැන් ඔහු පසුතැවිලි වෙනවා.
අවසාන කොටසින් කියනවා "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳී සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී" මොවුන් දෙදෙනාගේ ආදර කතාවෙදී නිතරම රාගික සිතුවිලි උද්දීපනය වෙන තරුණයා සමඟ ගත කරපු නිසා ඇය වරදකාරියක් ලෙස සමාජය දකිනවා."පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනී" මේ තරුණයා කෙබඳු තරුණයෙක් වුනත් මේ තරුණිය ඔහුව දැක්කේ පූජාසනයක් වගේ.එතරම් පිරිසිදු ලෙස ලබාදීපු ආදරය මට පරිස්සම් කරගන්න බැරිවුනා..සරසවි බිමේ පිපුන වෙන මල් සුවඳ හොයාගෙන ඔහු ගිය නිසා.වෙනත් තරුණියන් ඇසුරු කරන්න ගිහින් ඔහු ළඟ හිටිය හොඳම මල ඔහුට අහිමි වුනා.
සරසවියක් තුළ ආදර සම්බන්ධතා බොහොමයක් පැවතුන ඒත් තමන්ට නැතිවුන එක ආදරයක් ගැන දුක්වෙන තරුණයෙක්ගේ සිතුවිලි දිගහැටුමක් මේ ගීතයෙන් කියවෙනවා.🌻🌻

මම ආස සිංදුවක් ❤️
ReplyDeleteSupiri....
ReplyDelete❤️
ReplyDeletegood 🙂
ReplyDeleteNice
ReplyDelete😌❤
ReplyDeleteSuperb sihinii
ReplyDelete✌✌👍👌
ReplyDeleteMan asa sinduwak....♥️♥️
ReplyDelete👌👍
ReplyDelete