Thursday, April 27, 2023

සෙංකඩගල නුවරට

 












පදරචනය - මනුරංග විජේසේකර 

සංගීතය - දිනේෂ් ගමගේ 

ගායනය - දිනේෂ් ගමගේ 

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම 
සුන්දර වැව රවුමට යන්නෙ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ ගිලිහී පරවූ 
මලකී සුළඟේ පාවූ
අහසත් කලු වී
අකුනුත් බොඳවී
කදුලේ පැටලී තනිවී

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන 
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තනිව
වැව්දිය නිසල වෙලා මගෙ හදවත වගෙම
දළදා සමිඳු පිහිට විතරයි අද හිතට 

රොබරෝසියා වැටුනු අසුනක් ළඟ හවස 
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම 
ඇස් දෙක වසන් යන්නෙ එය පමණයි සරණ 


🌺🌺 මේ ගීතයත් නුවර ආශ්‍රිතව ලියවුන තවත් අපූරු ගීතයක්.නුවර වැව රවුම හා වැස්ස පාදක කරගනිමින් මේ ගීතය රචනා කරලා තියෙනවා.

'වැස්ස' හරි සුන්දර දෙයක්.හිතකට මතක රඳවන්න, හිතක මතක රිද්දන්න වැස්සට පුළුවන්. නුවර දළදා මාලිගය,වැව රවුමට වහිද්දිත් ආදරය කරන හිත්වලට මතක නැගෙනවා ඇති..මේ තරුණයාටත් හවසක වහිද්දි පෙම්වතිය සමඟ ගතකළ ලස්සන දවස් මතක් වෙනවා.ඒ හිතේ ඇවිලෙන මතකය නිසා ඔහු වැව රවුමට යන්නේ නෑ.

පෙම්වතිය අහිමි වුන මේ තරුණයා සුළඟට පාවෙන මලක් වගේ දුකෙන් කාලය ගෙවනවා. ඒ මතක හිතට එද්දී ඇස් වලටත් කඳුළු නැගෙනවා.ඒ නිසා ඔහුට අකුණු පේනේත් බොඳ වෙලා.

නුවර, වැව රවුම,පේරාදෙණිය සරසවිය, හන්තාන මේ සුන්දර ස්ථාන පෙම්වතුන් සමඟ අත්වැල් පටලන් ඉන්නවා.මේ තරුණයා පෙම් කරපු,අත් අල්ලන් ඇවිදපු හන්තාන,ඔවුන් නැතිව අද තනිවෙලා.මේ නිසා නිසල වෙලා බිඳිලා ගිය ඔහුගේ හදවත වගේ ඔහුට වැවේ වතුරත් නිසලව ඉන්නවා වගේ පේනවා.ඔහුගේ බිඳුන හදවත සනසගන්න පිහිටට අද ඉන්නේ දළදා සමිඳු විතරයි.

රොබරෝසියා කියන්නේ එක් කාලයකට පමණක් පිපෙන මල් වර්ගයක්.නුවර වැව අවට රොබරෝසියා මල් වැටුන අසුනක ඉඳගෙන ඔවුන් ගොඩනගපු හීන අද ඔවුන්ගෙන් මිදිලා පරවෙලා ගිහින්.ඒ මතක ඉතිරිවුන ස්ථාන පහුකරන් යද්දී දුක දරගන්න ඇස් වසන් යාම පමණක් ඔහුට සරණක් වෙනවා.

කාලයකදී ආදරයෙන් මතක ගොඩනගපු තැන් තවත් කාලයකදී හිතට දුකක් ගෙනෙන දුක්බර මතක බවට පත්වෙනවා.ඒ වගේ සිදුවීමක් පිළිබඳව මේ ගීතය අපූරුවට නිර්මාණය කරලා තියෙනවා.🌺🌺

11 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...