Tuesday, April 4, 2023

සිරවෙලා


 







පදරචනය ,සංගීතය හා ගායනය - සේනක බටගොඩ


සිහින මවන්නැති අහස උසට තනියම 
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට
හදට දැනෙන දේවල් ඇයි ඒතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක 
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
 
සෑමදේම හිමිවිය හැම නිමේෂයක 
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම 
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම 
  
සිරවෙලා නැවතිලා නැතිනම් 
සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක 


🌻🌻 සේනක බටගොඩ අපේ රටේ විශිෂ්ඨ ගායකයෙක්.මේ ගීතය රචනා කරලා සංගීතවත් කරලා ගායනා කරාන්නෙ ඔහු විසින්මයි.මේ ගීතය වර්තමානයේ බොහෝ ජනප්‍රිය ගීතයක්..

මේ ගීතයෙන් කියවෙන්නේ තනිවෙලා ඉන්න මොහොතක මිනිස්සුන්ගේ සිතුවිලි හැසිරෙන වවිදිය ගැන.තමන්ගේ හිතේ තිබුන හීන බලාපොරොත්තු ගොඩනගාගත හැටි,ගොඩනගාගන්න බැරිවුණ හීන ගැන හිතනවා.මේ ජීවිතය තියෙනකම් අපි හීන දකිනවා.එක දෙයක් ළං කරගන්නකොට තව දෙයක් අපෙන් ඈත් වෙනවා.ඒ ඈත් වෙන හීන පස්සෙන් ගොඩක් මිනිස්සු හඹාගෙන යනවා.ඒත් දෙයක් අපෙන් ගිලිහුනාම ඒ දේ ගැන දුකෙන් ඉන්නවා.ඉතින් මේ විදියට ලොකු ලොකු හීන හදවතට දැනෙනකොට හදවත ගොඩක් බරයි.

අපි වටා තියෙන ගොඩක් දේවල් නිසා අපි හිරවෙලා ඉන්නේ.අපි මේ සීමාවකට කොටු වෙලා ඉපදුන දවසේ සිට මැරෙන දවස වෙන්කන්ම සතුට පසුපස යනවා.ඒත් ඒක දුකක්.ඉතින් ඇහෙන ද්කින දේවල් කොතරම් තිබුනත් හිතට ලොකු බරක් දැනෙනවා.ඉතින් අපි මේ විදියට සීමාවක හිරවෙලා ඉන්නෙ නැතුව නිදහසේ ඉගිලිලා යමු කියලා කියනවා.මෙය බුදුදහමට අනුව නිවන කරා යන ගමන ගැන කියනවා කියලා අපට හිතන්න පුළුවන්.

"සෑම දේම නිමවිය හැක නිමේෂයක"අපි මේ ගතකරන ජීවිතය,අපි භුක්ති විඳින සැප සම්පත්,මේ හැම දෙයක්ම ඉතාම සුළු මොහොතකින් නැති වෙලා යන්න පුළුවන්.අපේ ජීවිතය හරිම අනියතයි.අපි නොසිතන මොහොතක සියල්ල හැර දාලා යන්න වෙනවා.ඒ කොහොම උනත් සිහින විමන් වල කවුළුපියන් හැරුනහම අපිටත් නොදැනිම අපේ හිත අනන්තයටම දිව යනවා.අපි නිදහසේ තනිඋනාම අපි හිතන්නෙවත් නැති තරම් දුරකට අපේ හිත ඇදිලා යනවා.  

ඉතින් මේ ගීතයෙන් කියන්නේ අපේ ජීවිතවල තියෙන හීන ගැන.අපිට හීනයකට යන්න කවුළුවක් ඇරුනම අපිට නොදැනුවත්වම අනන්තයට යන බව .බොහොම සරල පද භාවිතා කර්ලා අපූරුවට මේ ගීතය රචනා කරලා තියෙනවා.🌻🌻

10 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...