Friday, April 28, 2023

දකින විට පන්සලක්












පදරචනය - සුජීව කරුණාසේන 

සංගීතය - එච්.එම්.ජයවර්ධන 

ගායනය - මාලනී බුලත්සිංහල 



දකින විට පන්සලක් බෝධියක් පිළිමයක් 
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන 
අඩවන්ව නෙත් බරව බලනවා

ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලෙක 
කවුළුවෙන් අනන්තය සොයනවා 
අතෙහි රැදි පොත පතෙහි එකම පේළිය තුළම 
නෙත් දහස් වාරයක් දුවනවා

වාරු නැති මහලු වත නෙතෙහි 
ගැටෙතැයි බියෙන් 
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා
ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා


🌻🌻 මේ ගීතය සරල බස් වලින් නිර්මාණය වුනාට මේ ගීතය තුළ විශාල අරුතක් ගැබ් වෙලා තියෙනවා.

මේ ගීතයේ ලියවිලා තියෙන්නේ පොදු ප්‍රවාහන සේවාවක් භාවිතා කරද්දී දකින්න ලැබෙන සිදුවීම් පිළිබඳව.ඒ විදියට බස්‍ රථයක ගමන් කරද්දි පන්සලක,බෝධියක්,පිළිමයක් දකිද්දී ඉඳගෙන ඉන්න අසුනින් නැගිටලා භක්තියක් හිතට නගාගෙන වඳින බොහෝ අය ඉන්නවා.එය හදවතින් නැගෙන භක්තියෙන් සිදුකරන ක්‍රියාවක් නෙවෙයි.හුදෙක් සමාජයේ අන්ව්ක් පුද්ගලයින්ගේ ඇස ගැටීම උදෙසා කරන් කටයුත්තක්.

බස් රථය තුළ ගැබිනි මවක් හෝ රෝගියෙකු දක්කම පන්සලට බෝධියට වැදපු පුද්ගලයා බස් රථයේ කවුළුවෙන් අනන්තය සොයන්න පටන් ගන්නවා.ගැබිනි මවගේ නෙත ගැටුනොත් ඇයට එම ආසනය ලබා දීමට සිදුවීම නිසා ඔහු එසේ සිදුකරනවා.ඒ වගේම අතෙහි පොතක් ඇත්නම් එහි මුහුණ යොමාගෙන ඉන්නවා.ඒ පිළිබඳව මේ පද පේළියෙන් විස්තර කරනවා.

මේ පුද්ගලයා වාරු නොමැති මහළු පුද්ගලයෙක් දුටුවම ඔහුගේ දෙනෙත් නිදිකිරා වැටෙන්න ගන්නවා.බසයට නගින පුද්ගලයාට තලා නිදි බව පෙන්වනවා.එසේ නැතිනම් දහසකුත් ගැටලු ගැන හිතමින් අහස පොළොව යාකරන්න තරම් දුරට නොයෙකුත් දේවල් හිතනවා.

ඒ විදියට පොදු ප්‍රවාහන සේවා තුළ දක්නට ලැබෙන සිදුවීම් පිළිබඳව මේ ගීතයේ විස්තර කෙරෙනවා.පන්සලක් බෝධියක් දුටු පමණින් අසුනෙන් නැගිටලා වදින පුද්ගලයා ගැබිනි මවක් හෝ රෝගියෙකු දුටුවම නින්දක් මවා ගනනා සමාජයක් අද දකින්න තියෙනවා.සමාජය පිළිබඳව උපහාසයෙන් මේ ගීතය රචනා කරලා තියෙනවා.🌻🌻

5 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...