Tuesday, April 4, 2023

ගලන ගඟ

 








පදරචනය - චරිත අත්තලගේ 

සංගීතය - චරිත අත්තලගේ 

ගායනය - චරිත අත්තලගේ , රවී ජේ


නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹගන්නම්
හීන මවා මට කතා කරන්

ගලන ගඟක රල වාගේ නිමාවාක් නෑනේ
ඔබෙ රූ වරුනේ
සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

ලෞකික සැප කාලය කාදැමීමක් 
නිර්වාණෙට පිවිසෙන්න
පන්චස්කන්ධයක අස්ථිර ගතිය 
මෙනෙහි මෙනෙහි 
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර 
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල 
තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙන පර්යන්තෙක 
සුන්දර බව විඳපු මට
ඔයාගෙ රුව දැක
බිඳුන මගෙ සමවැදි
සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මාදිට්ඨිය මගෙ අද නතර වෙලා
ඔයාගෙ නෙතු මුල මගෙ හේතුඵල 
ගොළුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ධකුටියෙන් හිමිට බැස
සීලය පසෙක දමා
විදනසින් වැද රූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා


⭕⭕ චරිත අත්තලගේ වර්තමානයේ ඉන්න ඉතා දක්ෂ සංගීතවේදියෙක්.අපූරු නිර්මාණ රැසක් මේ වන විට ඔහු දායාද කරලා තියෙනවා.මේ ගීතයත් ඒ වගේ අපූරු නිර්මාණයක්.

මේ ගීතයේ පළවෙනි කොටසින් කාන්තාවක් ගැන වර්ණනා කරනවා.ඔයාගේ නිල් ඇස් එක්ක මම කතා කරන්නම්,වළලු හඬට මම මත් වෙලා ඉන්නම්,ලස්සන කොණ්ඩය සිපගන්නම්,මේ හීනය මවලා මට කතා කරන්න කියලා ඔහු කියනවා.

මේ ගීතයේ කතානායකයා එක්තරා වෙනස් මගක් හොයාගෙන යන පුද්ගලයෙක්.මේ පුද්ගලයා කාන්තාවක් දැකීම නිසා ඇය කෙරෙහි ආශාවෙන් ඇයව වර්ණනා කරන්න පටන් ගන්නවා.මේ නිසා ඔහු ගිය ගමන මේ කාන්තාව නිසා ආපසු හැරෙනවා.ඔහු මේ කාන්තාව කෙරෙහි රාගයෙන් බැඳිලා ඔයා ගලන ගඟක් වගේ ඔයාගෙ ලස්සන කියලා නිම වෙන්නෙ නෑ,'ක්ෂිතිජය' කියන්නේ අහස පොළොව යාවෙනවා වගේ පේන තැන ඒ ක්සිතිජය වගේ ඔබේ රූපය වර්ණනා කරලා නිමාවක් වෙන්නෙ නෑ..

මීළඟට රැප් කොටසින් කියනවා "ලෞකික සැප කාලය කා දැමීමක් නිර්වාණෙට පිවිසෙන" බුද්ධාගමේ නිර්වාණයට යන්න තියෙන බාධකයක් තමයි ලෞකික සැප.ඒ සැප විඳීම නිසා නිවනට යන කාලය කා දැමීමක් වෙනවා.ඇස,කන,නාසය,දිව,ශරීරය යන පංචස්කන්ධයේ අස්ථිර බව මෙනෙහි කරමින් සිටි මේ පුද්ගලයාට මේ කාන්තාව දැකීම නිසා ඔහුගේ දැහැන් බිදෙනවා.
"ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත"මේ පුද්ගලයා කාන්තාව වර්ණනා කරන්න පටන් ගන්නවා.ඔයාගේ නෙළුම් මල් වගේ දෙකොපුල් ලස්සනට දිලිසෙනවා,මීට පෙර ඔහු හිටියේ ඉතා අඳුරු තැනක ඔයා ඒ අඳුරට වැටුන හිම වගේ මගේ ජීවිතය එළිය කළා කියලා.නමුත් ඔහු පිවිසෙන්නේ ධ්‍යාන මාර්ගයෙන් රාගික මාර්ගයට.
ඇසට නොපෙනෙන පර්යන්තයක සුන්දර බව ගැන ඔහු කියනවා.පර්යන්තයක් කියන්නෙ ඉමක් කොනක් නොපෙනෙන තැනක්,එහෙම තැනක සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැකලා දැහැන් බිඳුනා.සම්මාදිට්ඨිය (නිවැරදි දැකීම) නැති වෙලා.ඔයාගේ ඇස් ඉදිරිපිට මගේ ධ්‍යානය නතර වෙලා.ඔහු නිදහසේ භාවනා කරන්න හදාගත්ත කුටියෙන් ඔහු එළියට ඇවිල්ලා නැසෙන රූපයක සුවය විඳිනවා.මේ ස්ථිර නැති කුණු වෙලා යන ශරීරයට,සසර මගින් එතෙර වෙන්න ගිය මම තණ්හා වෙලා වෙලා කියලා ඔහු කියනවා.⭕⭕


13 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...