Sunday, April 23, 2023

පෙරුම් පුරාගෙන ආ සංසාරේ



පදරචනය - මහකණුමුල්ලේ වජිර හිමි 

සංගීතය - සේනානායක වෙරලියද්ද 

ගායනය - සේනානායක වෙරලියද්ද 



පෙරුම් පුරාගෙන ආ සංසාරේ 
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ 
දුම්රිය මොහොතක් නතර උනේ 

මලක් වගේ රොන් සුවඳ වගේ 
ජීවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ

වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ



🌻🌻 මේ ගීතය ලියවෙන්න එක් කතාවක් පාදක වුනා.මේ ගීතය රචනා කළ මහකණුමුල්ලේ වජිර හිමි දවසක් දුම්රියෙන් යද්දී අතරමගදී එක්වරම ඒ දුම්රිය නවතවලා තියෙනවා.ඒ පිළිබඳව සොයා බලද්දී උන්වහන්සේට ආරංචි වෙනවා,මේ දුම්රියට කාන්තාවක් දිවි පුදලා කියලා.මේ සිදුවීම උන්වහන්සේ ගීතයක් බවට පත් කරනවා.

මිනිස් ආත්මයක් ලබන්න බොහෝ කාලයක් පෙරුම් පුරන්න ඕන.එතරම් පෙරුම් පුරලා ලබාගතතේ මිනිස් ආත්මය මේ විදියට දුම්රියකට පුද කරන්න ද ? ඒ සිදුවීම දුම්රිය තුළ කාටවත් දැනෙන්නෙ නෑ,ඒ ගන හිත් කම්පා වෙන්නෙ නැ..ඔවුන්ට දුම්රිය මොහොතක් නතරවීම පමණක් සිදුවුනා.

ජීවිතයේ සුවය විඳීම මලක රොන් සුවඳ වගේ බොහොම මිහිරි දෙයක් තමයි මේ ජීවිතය විඳීම.ඒ අතරේ ජීවිතය කලකිරීම් සිදුවෙන්නත් පුළුවන්.ඒ අවස්ථාවෙදි තමන්ගේ ජීවිතය නිකරුනේ විනාශ කරගන්නෙ නැතුව දොලක් වගේ ජීවිතය ගෙනයන්න කියලා තරුණ පරම්පරාවට කියනවා.

එක වරකට කුමක් හෝ හේතුවක් නිසා දුකක් දැනුන විටදී ය දරාගැනීමට නොහැකි වුනත් එය අමාරුවෙන් හෝ දරාගන්න,ගැටලුවක් පැමිණිවිට ගැටලුවට විසඳුම් සෙවීම් මිස ජීවිතයෙන් විසඳුම් සෙවීමෙන් වලකින්න් කියලා මේ ගීතය තුළින් අවවාද කරනවා. 🌻🌻


8 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...