පදරචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම්
හද සන්තනේ සදා සරනා අයචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්
නියාළුව හදින් පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොයා එමි සිතින්
අරා සිරි යහන් නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැනින් පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
🌺🌺 ප්‍රේමය අහිමි වීම නිසා හිතට දුක දැනෙනවා.මේ නිසා තමාගේ දුක තුනී කරගන්න තරුණයෙක් සිදු කරන ක්‍රියා පිළිබඳව මේ ගීතයේ කියවෙනවා.
ඔහුගේ ප්‍රේමය අහිමි වී අවසානයි.නමුත් ඔහු සිතින් ආයාචනා කරනවා යළිත් ඒ ආදරය අවශ්‍ය බව කියලා.හිත තුළ සරිසරන්නෙ ඔබේ ආදරය යළිත් අවශ්‍යයි කියන ආයාචනාව.ඔහු හිතින් මවාගන්නවා ඇය සමඟ යළිත් ප්‍රේමයෙන් වෙලිලා ඇය සමඟ සතුටින් ගත කරන ආකාරය,හදවත නැමැති මන්දිරයේ කලාලය මත මත් බඳුනක් වගේ ඔහුගේ හිතේ රාගික හැඟුම් ඉස්මතු වෙන්න පටන් ගන්නවා.
තරුණිය තමාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු අරාජික ස්වභාවයකට පත් වෙනවා.මේ නිසා බිඳුනු හදවතින් ඔහු ඇය කියූ වදන් අසමින් තනිවෙලා ඉන්නවා.ඉන් මිදුන පසු ඔහු නැවතත් කඩාවැටුන සිතින් තනිවෙලා ඉන්නවා.
සිරි යහන පුරා ඇගේ සුවඳ සොයනවා ඔහු.ඒ නොමැති නිසා ඔහු සල්ලලයෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා.ඊට අමතරව මත්පැන් වලින් තොල් පුරවාගෙන මේ විරහව අමතක කරන්න ඔහු උත්සාහ කරනවා.🌺🌺

Sihini✌️
ReplyDeleteSuper 👌👌
ReplyDeleteGood
ReplyDelete👍👍👍
ReplyDeleteNice 👌
ReplyDelete👌 👌👌👌👌
ReplyDelete👌
ReplyDelete❤️❤️
ReplyDeleteලස්සනයි 👌❤
ReplyDelete