පදරචනය - මනුරංග විජේසේකර
සංගීතය - දිනේෂ් ගමගේ
ගායනය - සශිකා නිසංසලා
චන්ද්‍රා පායන්න ගංගා සිපගන්න
හෘදේ චායා මවා රිද්දා සිපගන්න
සීතේ බෑඉන්න ආලේ හිස්තැන් එපා
නැතුවට කම් නෑරන් මාලේ
සිත බැඳි මුතුපොට නුඹෙ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
සිංදු ගංගා තීරේ මා දුටුවා
හැන්දෑ යාමේ දෑසම සුව වින්දා
සුළඟින් ඇසුවා නුඹ කොයිදෝ බැලුවා
සුසුමේ දැවටී දුර යන්නට පැතුවා
චන්ද්‍රා පෑයූ ගංතීරේ
හෘදේ සුව කැන්දූ මේ හීනේ
🌻🌻 මේ ගීතය මේ දිනවල බොහෝ ජනප්‍රිය ගීතයක්.මේ ගීතය යෝජිත විවාහයකට පිවිසෙන්න ඉන්න තරුණියක් තමන්ගේ නැගෙනියගේ ප්‍රේමය දැකලා ගායනා කරන අපූරු ගීතයක්.
මේ කතානායිකාව යෝජිත විවාහයකට සරසෙනවා.ඇගේ නැගෙණිය යෝජනාවකින් තොර ආදර සබඳතාවයක් පවත්වනවා. "චන්ද්‍රා පායන්න ගංගා සිපගන්න හෘදේ චායා මවා" ආලය නැමති හඳ පායලා මේ ගංගාව සිපගන්න කියනවා.මේ තරුණිය ඉන්නේ ආලයෙන් තොර වූ ජීවිතයක.සීතලෙන් ඉන්න ඇයට ආදරයේ උණුසුම අවශ්‍යයි.ඒ නිසා ඇය කියනවා ආලයේ හිස්තැන් නැතිව බොහොම තදින් ඇයව සිපගන්න කියලා.
මේ තරුණිය කියනවා ලොකු විවාහ උත්සවයක් පවත්වලා,රන් මාලයක් පළඳවලා,වැඩි වියදමක් නැතුව කරකාර බැන්දට මගේ හිතේ ඔබට තියෙන ආදරේ අඩුවක් වෙන්නෙ නෑ කියලා ඇය කියනවා.
මේ තරුණියගේ නැගෙණිය ඇයගේ ආදරය විඳින ආකාරය මේ කොටසින් විස්තර කරනවා.ඒ ආදරය ගංගාවක් වගේ ගලාගෙන යනවා.ඒ දෑස් වල සුවය ඇයට දැනෙනවා.ඇයට ඔහු ළඟ නැති සුළු මොහොතක් පවා ගෙවාන්න අපහසුයි.ඒ අවස්ථාවේ දී ඇය සුළඟින් අහනවා ඔහු කොහෙද ඉන්නේ කියලා,මේ තරුණිය ඒ තරුණයාගේ සුසුමක හෝ දැවටිලා ඉගිල්ලෙන්න ආසාවෙන් ඉන්නවා.මේ සියලු දේ බලාගෙන එවන් ලස්සන ආදරයක් පිළිබඳව කතානායිකාව හීන දකිනවා.🌻🌻

Nice...
ReplyDeleteGerade sihini
ReplyDeleteGoos
ReplyDeleteWow..👌
ReplyDeleteලස්සනයි
ReplyDeleteMeke visual eke thiyenneth එහෙම eka නේද ?
ReplyDelete❤️💫
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDeleteLassanai
ReplyDelete❤❤👌
ReplyDelete