පදරචනය - මනුරංග විජේසේකර
සංගීතය - සනුක වික්‍රමසිංහ
ගායනය - සනුක වික්‍රමසිංහ
නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයත් නිදනවා මේ රෑය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා
සරාගයේ රැයේ පිනි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී තනිවුණා
කාමරේ මුළුපුරා නෙක සළුපිලි තනිවෙලා
මා සිතින් හඬනවා දෙස බල බලා
මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා
නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී
🌺🌺 මේ ගීතය බොහෝ දෙනා හොඳින් දන්නා ජනප්‍රිය ගීතයක්.මේ ගීතය කාමුක තරුණියකට පෙම් බඳින තරුණයෙකුගේ කතාවක්.
මේ ගීතයේ එන කතානායකයා එක් දිනකට ප්‍රේමවන්තයෙක් වෙනවා.ඒ නම නොදන්නා තරුණියකගේ.ඒ තරුණිය ඉතා කාමුක කාන්තාවක්.මේ නියරටා මවනවා කියලා අදහස් කරන්නේ මේ කාන්තාවගේ උනන්දුවෙන් සිදුවූ ක්‍රියාවක් බව හඟවන්න.මේ තරුණයා එක් රාත්‍රියක් ගත කළ මේ කාන්තාවගේ උණුසුම හොයනවා.
මේ තරුණයා උදෑසන මේ නම නොදන්න තරුණිය හෙව්වත් ඔහුට දකින තියෙන්නේ ශරීරයේ තියෙන නියරටා පමණයි.
මේ කාන්තාව රැයේ වැටුන පිනි බිඳුවක් වගේ ඔහුගේ හිතේ හිඩැසක් ඉතිරි කරමින් යනවා.ඔහුට යහන සමඟ තනිවී ඉන්න සිදුවෙනවා.
කාමරය පුරා තනිවූ සලුපිලි දෙස බලලා ඔහු හිතින් දුක් වෙනවා.මේ නොදන්නා තරුණිය සොයාගැනීමට නොහැකිව...
ඔබ වාර්තමානයේ බෙහෙවින් රසවිඳින අපූරු ගීතයක්.🌺🌺

👍
ReplyDeleteWow.nice
ReplyDelete👍👍👍
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeletegood 👍
ReplyDelete❤️
ReplyDeleteLassanai ❤️
ReplyDelete👌 නියමයි
ReplyDeleteGreat 👌
ReplyDeleteWoow sihini
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDeleteGood
ReplyDelete❤️💫
ReplyDelete💫💫💫
ReplyDeleteසුපිරි
ReplyDelete