Monday, April 10, 2023

ඉකි ගසා හඬන

 







පදරචනය - අමිල තේනුවර 

සංගීතය - දර්ශන රුවන් දිසානායක 

ගායනය - අමරසිරි පීරිස් 


ඉකිගසා හඬන අතීතයක

කඳුළු එක්ක ගනුදෙනු කරනා

මට මගේ නොවන

මගේම ආදරයක් තිබුනා


හීනෙන් හිනැහී තුන්යම මා රවටා

මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා

නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා

මට මගේ නොවන්න මගේම ආදරයක් තිබුනා 


රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා

සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා

උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා 



⭕⭕ මේ ගීතය 2014 වසරේ තිරගත වූ සමනල සංධ්වනිය චිත්‍රපටයේ එන ගීතයක්.


මේ ගීතයේ එන කතානායකයාට පැවතුන අතීතය සුන්දර අතීතයක් නොවෙයි.එය ඉතාම දුක්බර අතීතයක්.ඔහුට ගණුදෙනු කරන්න සිදුවෙන්නේ කදුළු එක්ක.ඔහුට කඳුල උරුම වුනේ ඔහුගේ නොවන ඔහුගේම ආදරයක් තිබුන නිසා.


ප්‍රේමයේ විරහව ඉතා දුක්බර අත්දැකීමක්.තමන්ගේ ළඟින්ම රැයක් දවාලක් නොමැතිව කාලය ගතකරපු, ඒ කටහඬ,හිනාව ඔහුට හීනෙන් පේනවා.ඒ හීනෙන් ඇයව පෙනෙද්දී ඔහුගේ හිත ඉගිල්ලිලා යනවා.ඒත් නින්දෙන් අවදි වී කළුවරේ ඇයව සොයන ඔහුට යළිත් දුක් වෙන්න සිදුවෙනවා.ඔහුට ඇයව අහිමියි.නමුත් ඒ ඔහුගේ ආදරය...


තුන්වෙනි කොටසින් කියනවා ඇගේ මේ වෙන්වීම ඔහුට කිසිදාක අමතක නොවෙන,සුව නොවන රිදුමක්..ඒ රිදීම සුවවෙන්නෙ සුසුම් හෙලීම පමණයි.ඔහුගේ හදවත පිරිමදින්න තරුණිය නොමැති නිසා සුසුම් වලින් හදවත පිරිමදිනවා.ඒ වේදනාව දරාගැනීමට බැරි නිසා උණු කඳුළු වගුරුවනවා...ඔහුට අහිමි ආදරයක් තියෙන නිසා ඔහු ගොඩක් දුක් වෙනවා.⭕⭕

11 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...