Monday, April 3, 2023

සඳගනාව

 










පදරචනය,සංගීතය හා ගායනය - ධනිත් ශ්‍රී 


උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
මාර සේනා හදට කැන්දන යාමේ ලංවූයේ
මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ
දෝරෙ යන මේ හැඟුම් ගංගා ඔහේ සැලුනාවේ

සඳගනාවට සඳලු තල සිප සුවදෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මීපැණි ගෙනේවී රාත්‍රියේ ආයේ

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගංතීරේ
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ
ගෙවී යන මේ භවේ ජීවිත ගානේ සංසාරේ 
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ


🌻🌻 මේ ගීතය මේ දිනවල බොහෝ ජනප්‍රිය ඉතාම ශෘංගරාත්මක ගීතයක්. බොහොම කාලයකින් ලිංගිකව එක් නොවුන අඹු සැමි යුවලක පුරුෂයාට අවශ්‍ය වෙනවා කාන්තාව සමඟ ලිංගිකව එක්වෙන්න.ඒ ආශාව ගැන ඇයට කියන ආකාරය මේ ගීතයෙන් විස්තර කෙරෙනවා.

මේ ගීතයේ පළවෙනි පේළියෙන් "උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ" දීප්තිමත් තරු අද අහසින් හැංගිලා,මේ රාත්‍රි කාලයක් කියලා මේ පද පේළියෙන් ව්‍යංගයෙන් කියනවා.තවත් දෙයක් කියනවා,අද මේ තරු හැංගිලා ඉන්නේ ලැජ්ජාවෙන් වගේ කියලා.මේ හැම දෙයක්ම ඔහු හිතින් හිතනවා."මාර සේනා හදට කැන්දන යාමේ ලං වූයේ"මේ මාර සේනා කියලා අදහස් කරන්නේ ඔහුගේ හිතේ ඇතිවන රාගික සිතුවිලි ගැන.ඒ සිතුවිලි උද්දීපනය වෙන්න පටන් ගන්න වෙලාව තමයි මේ කියලා රචකයා ව්‍යංගයෙන් කියන්නේ.ඉන් අනතුරුව "මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ දෝරෙ යන මේ හැඟුම් ගංගා ඔහේ සැලුනාවේ" පුද්ගලයෙක්ගේ සිතේ රාගික සිතුවිලි ඇතිවීමත් සමඟ ශරීරයේ හෝමෝන වල විවිධ වෙනස්වීම් සිදුවෙනවා,ඒ නිසා ලිංගික අවයව වලින් පිටවන යම් වර්ෂාවක් ගැන කියනවා,ඒ වර්ෂාව ඔහේ ගලා ගියාවේ කියලා කියනවා.මේ ගැන රචකයා අපූරුවට ව්‍යංගාර්ථ යොදාගනිමින් රචනා කරලා තියෙනවා.

මීළඟට 'සදගනාවට සඳලු තල සිප සුවදෙන යාමයේ' කොටස, මේ සදගනාව කියන්නේ කාන්තාවට කියන විශේෂ පදයක්,සඳලු තල උපමා කරලා තියෙන්නේ කාන්තාවගේ පියයුරු වලට,
ආයෙමත් කියනවා "උණුහුමේ ගිරි තුඩට මී පැනි ගෙනේවී රාත්‍රියේ ආයේ" කාන්තාවගේ පියයුරු ස්පර්ශ කරමින් ඒ උණුසුම විඳිමින් ආයෙමත් ගත කරමු කියලා මේ තරුණයා කියනවා..මෙය මොවුන්ගේ පළමු එක්වීම නොවෙයි. 

මේ අවසාන කොටසින් කියනවා "කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගංතීරේ" මොවුන් දෙදෙනා බොහෝ කාලෙකින් ලිංගිකව එක්වෙලා නෑ.මේ පහලා ගංතීරේ කියලා අදහස් කරන්නෙ කාන්තාවගේ යටිකය ප්‍රදේශය.බොහෝ කලක් ගතවූ නිසා ඇගේ ඉවුරු තල සිපගන්න අවසර තියේවිද කියලා ඔහු හිතනවා.ඒ සිතුවිල්ල සමඟම ඔහු අවසානයේ දී ඔහු කියනවා ගෙවෙන මේ හැම ආත්මයකදීම මගේම පතිනිය වෙලා ඉන්න කියලා.

හරිම ලස්සනට මේ ගීතය ව්‍යංගාර්ථ යොදාගනිමින් මේ ගීතය රවනා කරලා තියෙනවා.🌻🌻

15 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...