වැහි පබළු සැලී
පදරචනය - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - කසුන් කල්හාර
ගායනය - සුරේන්ද්‍ර පෙරේරා
වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමි
මම නෙතු නොපියා හිඳිමි
ළැම සළු විහිරී නෙතු මතම රැඳී
උන්මාද සුසුම් හෙලමි
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල්කිණි මම සිඹින හැටි
රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුණිවත රකිමී
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබෙ සුව විඳිමි
🔴මෙම ගීතයෙන් කියවෙන්නේ වැසි දිනක වැස්සට තෙමී තෙතබරිත වූ ඇඳුම් ඇඟටම ඇලී තිබූ තරුණියක් පාරේ ගමන් කරනවිට එය දුටු එක්තරා තරුණයෙකුට ඇය කෙරෙහි ඇතිවුණු රාගික හැඟීමක් පිළිබඳවයි.
මෙම ගීතයට අනුව ගීතයේ කතානායකයා වැස්සට තෙමී තෙතබරිත වූ ඇඳුම් ඇඟලාගත් දෙව්දුවක් බඳු කාන්තාවක් පාර දිගේ ඇවිදගෙන යනවා දකිනවා.මෙය දකින තරුණයා මාවතේ පසෙක ඉඳන් දෑස් දල්වා නෙතු නොපියා බලාගෙන ඉන්නවා.බැලූ බැල්මට මේ ගීතය තමා ඉදිරිපිට සිටින තරුණියකට කියනවා යැයි සිතුවත් මෙය තරුණයා දකින සිහිනයක්.
මේ තරුණිය දෙස බලා සිටින තරුණයා ඇය ගැන සිහින දකින්න පටන් ගන්නවා.එහිදී ඔහුට පේනවා එම තරුණියගේ ළැම වැසුනු සළුපිළි විසිරී එය අඩවන්ව විවෘතවී තියෙනවා.මෙම දසුන මේ තරුණයාගේ හද පාරවන දසුනක්.ඒ දර්ශනය දෙසනෙතු යොමාගෙන බලමින් හිතේ ඇතිවුණ රාගික සිතුවිල්ල මැඩ පවත්වා ගන්න උන්මාදනීය වූ සුසුමක් හෙලනවා.මේ තරුණිය ඉතාම දැඩිව මේ සිහිනය දකින බව පෙන්නන්න ගීත රචකයා මේ සිහින දකිමි කියන වචනය දෙපාරක් ගීතයට යොදා ගෙන තියෙනවා.
"රතැඟිලි සුව දී හිස පිරිමදිමි"මෙම ව්‍යංගයෙන් රචකයා තවදුරටත් කියන්නේ ඔහු දුටු තරුණිය ඔහුගේ අසල නොමැති වුණත්,ඇයට සිහිනෙන් ඔහු ප්‍රේම කරනවා කියලා,එකී හිස පිරිමදින අකාරය පිළිබඳවත් ඔහු සිහිනෙන් දකිනවා.ඒත් මෙලෙස සිහිනෙන් පෙම් බැන්දත් ඇය දැක්කම මුනිවත රකිනවා කියලා කියනවා,ඒ කියන්නේ ඔහු හිතින් කොච්චර ඇයට ප්‍රේම කලත්,ඇය ඉදිරියේ ඔහු හරිම ලැජ්ජාශීලි පුද්ගලයෙක් බවයි.
එලෙස විවිධ ව්‍යංගාර්ථ යොදාගනිමින්,ඉතා අලංකාර ලෙස ගීතය රචනා කොට,එයට මනහර සංගීතයක් හා ලයාන්විත කටහඬක් එකතු කරමින් මෙම ගීතය ඉතාම අලංකාර ගීතයක් ලෙස නිර්මාණය වෙලා තියෙනවා.🔅🔅
Good job 💪
ReplyDeleteNice 👍👌👍
ReplyDeleteOya kiyaddi තමයි nangi matath meter wune sinduwen kiyawenne attama මෙහෙම දෙයක් නේද kiyl.
ReplyDeleteWell done digtama liyanna. 🤟💕
Asa karana geethayak
ReplyDelete👍👍❤️
ReplyDeleteGood ✌️✌️
ReplyDeleteමල්කිනි කියන්නේ මොනවාද
ReplyDeleteGood👍👍👍
ReplyDelete❤️🔥
ReplyDelete❤️
ReplyDelete✌️✌️
ReplyDelete😍❤
ReplyDelete❤️❤️❤️
ReplyDeleteවිශිෂ්ට නිර්මාණයකට කළ විශිෂ්ට ගණයේ අරුත් පැහැදීමක් 💕
ReplyDelete👍👍👍👍❤
ReplyDelete💖
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete💓
ReplyDeleteDigatama liyanna nangi hrima lassanai
ReplyDelete