පුන්සඳ රෑට
පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගායනය - නිරෝෂා විරාජිනි
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවාද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවදෝ රකිනවදෝ නිදි නැතිද
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදිවාද මදිවාද මගෙ යහන
🔴රත්න ශ්‍රී විජේසිංහ මහතා මේ ගීතය රචනා කරන්නෙ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන.ඔහු කහටගස්දිගිලිය ප්‍රදේශයේ සංචාරය කරද්දි මුනහැසුන කාන්තාවක් කියූ කතාවකින් තමයි මේ ගීය නිර්මාණය වෙන්නෙ.මේ ගීය ව්‍යංගාර්ථ යොදාගෙන හරිම අපූරුවට නිර්මාණය කරලා තියෙනවා.
මේ ගීතයේ එන කතා නායිකාව හේන් ගොවියකුගේ බිරිඳක්.ඇයගේ ස්වාමිපුරුෂයා වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න හේනට යනවා.තනිවම නිවසේ කාලය ගතකරන බිරිඳ හේනට හඳ එළිය වැටෙන හැටි හිතනවා."පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවාද " මේ පුන්සඳ තමයි ඇගේ සැමියා,ඒ පුන්සඳේ එළියෙන් හේනේ අඳුර නැති කලාට මම තනිවම නිවසේ ඉන්න බව ඇය කියනවා.බිරිඳ කියලා හිතලා ඉරිඟු කෙඳි ඉඹිමින් සැමියා නිදිවර්ජිතව පැල් රකිනවද කියලා මේ තරණිය අහනවා.
ලිංගිකත්වය කියන්නේ මිනිස් අවශ්‍යතාවක්.මේ තරුණියටත් එසේ හැගුන අවස්ථාවක් ගැන රචකයා මේ විදියට කියනවා."නිල් තරු රෑන ඉඟි පාන අහස යට",මේ තරුණියට ගමේ තරුණයින්ගෙන් විවිධ යෝජනා ආවත් ඇගේ සැමියා කෙරෙහි තිබෙන ලෙංගතුකම නිසා ඇය ඒ යෝජනා ප්‍රතික්ෂේප කරනවා."මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට"මෙහිදී ඇය ගිරවුන් කියලා හඳුන්වන්නේ ඇයට අයුතු යෝජනා කරන්න එන තරුණයින්ව,මෙහිදී ඇය කියනවා ඇයි කියනවා තමන් දරුවන් නළවන වයසේ හිටියට තාමත් ඇයට දරුවන් නෑ ඒ නිසා වෙනත් යෝජනා කරන්න එපා කියලා.
මේ කාන්තාවට ඇගේ සැමියා ඇතෙක් වගේ,ඒත් ඒ ඇතාට තියෙන එකම සහනය තමයි හීනි තියෙන ඉරිඟු කරල් රකින එක කියලා ඇය කියනවා,ඉතින් ඔවුන් දෙපැත්තකට වෙලා ඉද්දි තුන්පත් රෑනක් ඇති වෙන්නේ නැති නිසා ඇය අහනවා "තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන" "රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"ඇය දරුවෙක් නොමැති දුක මෙලෙස කියනවා.
මේ විදියට රත්න ශ්‍රී රචකයා ඉතා අපූරු ව්‍යංගාර්ථ යොදාගනිමින් රචනා කළ ලස්සන ගීතයක් තමයි මේ පුන් සද රෑට කියන ගීතය..🔅🔅
😍😍😍
ReplyDeleteජය වේවා....
ReplyDelete🤗 🥰
ReplyDeleteHarima lassanai nangi
ReplyDeleteSha sinduwa ahanawa wage nemey eke hangicha kathawa dakiddi eke amuthuma gathiyak තියෙන්නේ .
ReplyDelete😊😊
ReplyDeleteHarima lassanai ❤️
ReplyDelete❤️
ReplyDelete❤️🔥
ReplyDeleteGood. Keep it up
ReplyDeleteNice one🤗
ReplyDeleteපද පෙළක නොපළ නොදුටු අරුත් රසතැන් සොයා දෙමින් රස බෙදනවාට තුති! ජයෙන් ජය!
ReplyDeleteParana sindu thoraganna ekata thanks
ReplyDelete👍👍lassnai
ReplyDeleteමරු
ReplyDelete