පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - මර්වින් පෙරේරා
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැදේ
පැමිණෙන දුක් පැණිරස බව නොසිතුනිද ළඳේ
සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී
🌺🌺මේ ගීතය ගායනා කරන්නේ මර්වින් පෙරේරා ගායන ශිල්පියා,ඒත් මේ ගීතය වර්තමානයේ ගොඩක් ජනප්‍රිය වුනේ මර්වින් පෙරේරා ශිල්පියාගේ මුණුපුරා නදීමාල් පෙරේරා මේ ගීතය ගායනා කළ නිසා.ඒ වගේම මේ ගීතය රචනා කරන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස් නම් මහා සංගීතවේදියා.
මේ ගීතයේ කතාකරන කාන්තාව විවාහ ජීවිතයට සමුදුන්න කෙනෙක් හෝ කලින් තිබූ ආදරයක් බිඳුන කාන්තාවක්.ඒ කාන්තාව බොහෝ දුක් විඳින කාන්තාවක් නිසා ඇයට අනුකම්පාවෙන් ඇතිවන ආදරයක් ගැන රචකයා සඳහන් කරනවා.
"කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී,හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී"මේ ගීතයේ තරුණයා බොහොම සැපවත් ජීවිතයක් ගත කළ කෙනෙක්.'හිම සෙල' වචනය මගින් ඒ පිළිබඳව විස්තර කෙරෙනවා.ඒත් ඔහුගේ හිතගත් කාන්තාව කාන්තාරයක ඉන්නවා දැකලා ඔහුගේ හදවත ගිනිගන්නවා...ඔහු මේ කාන්තාවට කියනවා ජීවිතය හැමදාම එකම විදියට තියෙන්නේ නෑ,ගිම්හානය(කටුක ජීවිතය)ආවා වගේම සරත්,වසන්ත,කාලයත් පැමිණෙනවා.ඒ නිසා පැමිණෙන දුක් පැණිරස බව හිතන්න කියලා තරුණයා තරුණියට කියනවා.
අපි රාත්‍රියට හරිම අසාවෙන් බලන හඳට ලස්සන එළියක් ලබාදෙන්නෙ හිරු එළිය.ඒ වගේම තමයි මේ කාන්තාවගේ ගිම්හාන කාලෙදි ඇය නොදනුවත්ව ඇයට සහය වෙන්නෙ මේ තරුණයා."සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි" මේ තරුණයාට දැනෙනවා තරුණිය ඔහුට ආදරය කරන බව..ඒත් ඔහුට අවශ්‍ය මේ පිළිබඳව ඇගේ වචනින්ම දැනගන්න.ඒ නිසා තමයි ඔහු නැවත නැවත මේ ගැන අහන අහන ඔහුටම ඔහු ගැන නිහඬ හිනාවක් ඇතිවෙනවා.තරුණයාගේ කෙලිලොල් බව(තාරුණ්‍යය අවධිය)ගැන මෙහිදී විස්තර වෙනවා.
මේ තුන්වන පද පෙළින් රචකයා අදහස් කරන්නේ
මොවුන් මේ ආදර කතාව පටන් ගන්න ඕනි ඇයි කියලා හේතු කියන්න උත්සාහ කරනවා."විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු"ගොඩක් උස රූස්ස ගස් තියෙනවා.ඒත් ඒ ගහ ලස්සන වෙන්නේ ඒ හගේ මලක් පිපුනම..ගහට මල වගේම තමයි..මුහුණ්කට හිනාව කියන්නෙත්.මුහුණක් ලස්සන වෙන්නෙත් හිනාවකින් මුව පිරුනම.මේ විදියට උපමා යොදාගනිමින් රචකයා කියන්නේ ජීවත්වෙන්න ආදරය අවශ්‍යයි කියලා.ඉන්පස්සේ ඔහු කියන්නේ ගඟක් වගේ ගලාගෙන ඇවිල්ලා ඔහුගේ ආදරය පිළිගන්න කියලා..
මේ විදියට අපූරු උපමා උපමේය භාවිතා කරමින් මේ ගීතය ප්‍රේමකීර්ති රචකයා ගොඩනගලා තියෙනවා..🌺🌺

Great work.....👍👍👍
ReplyDeleteNiyamaine
ReplyDeleteLassnai 😍😍❤
ReplyDeleteNice
ReplyDeleteNice 👌👌
ReplyDeleteSuper 👍
ReplyDeleteNice👍👍
ReplyDelete✨️
ReplyDelete💕💕
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGood job ❤️
ReplyDelete🌟
ReplyDelete❤❤❤
ReplyDelete❤️❤️❤️
ReplyDeleteSuper dr 🥳🥳🥳
ReplyDeleteSuper
ReplyDelete👌👌👌🤗
ReplyDeleteනියමයි
ReplyDelete