හන්තාන සිහිනේ
පද රචනය - ජනක සිරිවර්ධන
සංගීතය - අරුණ ගුණවර්ධන
ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව , උමාරියා සිංහවංස
බලා වැලපෙමි නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ
වැහි පබළු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොඑනු මැන ළඳුනේ
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ
🔴මේ ගීතයට පසුබිම වෙන්නේ පේරාදෙණිය සරසවිය.මේ විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය හදාරන්න එන ශිෂ්‍යයාවක් සහ ඇදුරුතුමෙක් අතර වෙන කතාවක් මේ ගීතයෙන් කියවෙනවා.
මේ ශිෂ්‍යයාවට ඇදුරුතුමා කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. ඒත් ඒ ආදරයට ඇදුරුතුමා යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ.
"බලා වැලපෙමි වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ"ඇයට මේ සිහිනය නෙලාගන්න බෑ.ඒක නිසා ඒ දිහා බලලා එයා වැලපෙනවා කියලා කියනවා.එතකොට ඇඳුරුතුමා කියන්නේ තමන් කෙරෙහි ඇති වෙච්චි ආලය හිත් මලින් දෝවනය කරලා දාන්න,ඔහුව අමතක කරන්න කියලා.ඔහු එහෙම කියන්නේ ඇයි කියලා කියන ඇයි කියලත් ඊළඟ පද පේලියෙන් බලමු.
පේරාදෙණිය සරසවියේ ආදර කතා හරිම ලස්සනයි. අත්අල්ලන් ඇවිදින්න,මද වැස්සේ තෙමි තෙමි ඉන්න සරසවි මාවත,හන්තාන මගේ ලස්සනම ලස්සන නැන් ගොඩක් තියෙනවා.ඉතින් මේ ශිෂ්යයාවටත් තියෙනවා සිහිනයක් ඒ වගේ ආදර කතාවක් ගොඩනඟාගන්න.හැබැයි ඒ ආදර කතාව ඇඳුරුතුමා එක්ක ගොඩනගාගන්න තමයි මේ ශිෂ්‍යාව පෙරුම් පුරන්නේ.ඒ නිසා ඇය කියනවා වැහි පබළු යට රඟමඬල මැද ඔබේ තුරුලේ ඉන්න ඕනි කියලා.
එතකොට මේ ඇදුරුතුමා මේ ශිෂ්‍යයාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න හේතුව කියනවා.ඒ තමයි " බිසෝ හැර ගිය ලසෝ රඟහල අමාවක අඳුරේ නොඑනු මැන ළදුනේ"මේකෙන් කියන්නේ මේ ඇදුරු තුමාගේ බිසව හැර ගිහිල්ලා.ඔහුගේ විවාහය අසාර්ථක වෙලා.මෙහිදී කවියා "ළසෝ රඟහල" කියන උපමා කරල තියෙන්නෙ,දුකින් තියන හදවත කියන්න,දැන් මේ හදවත තියෙන්නෙ දුකින් පිරිලා අඳුරු වෙලා,ඉතිං ඒ හදවතට එන්න එපා කියලා තමයි මේආදරයට කෝඩුකාර යුවතියට ඇදුරුතුමා කියන්නේ.
ඉන්පස්සේ මේ තරුණිය කියනවා "වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම්" මේ තරුණිය මෙතනින් කියන්නේ ගුරුතුමාගේ අමාවක වෙලා තියෙන හිතට පුන් සඳ පායනකං එයා බලාගෙන ඉන්නං කියලා.ඒ දවස එනකන් එයා ගුරු සිසු සම්බන්ධතාවය ම ඉන්නං කියලා තමයි මේ ගෑණුළමයා කියන්නේ.ඊටපස්සේ මේ ගුරුතුමා කියනවා,"සොඳුරු ඒ සද දියේ එන්නම් හිඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ"දවසක මගේ හිතේ තියෙන දුක් ගින්න නිවිලා හඳ පායපු දවසට අපිට මේ සම්බන්ධය සාර්ථක කරගන්න පුළුවන් වෙයි.එතකන් හන්තාන අරණේ හොඳින් ඉගෙනගන්න කියලා ගුරුතුමා කියනවා.
🔅මේ විදියට හරිම අපූරු විදිහට පද ගළපලා ලියපු ලස්සන ගීතයක් තමයි මේ හන්තාන සිහිනේ ගීතය.
Sha nangi math meke theruma aday danagatte . Hanthana mayime idlth❤🤟
ReplyDelete♥️
Delete😍😍❤❤❤
ReplyDeleteThanks 🤗🥰
ReplyDeleteGood job.. keep it up♥️
ReplyDeleteGreat 👍❤
ReplyDeleteGood job 👍❤️
ReplyDeleteLassanai kella
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGood work...
ReplyDeleteLassni nnaga keep it up
ReplyDeleteසින්දුව ඇහුවට හරියටම තේරුම දැනගත්තෙ දැන් තමයි, නියමයි නංගා.....වැඩේ දිගටම කරන් යමු.
ReplyDeleteදඬුබස්නාමානේ තේමා ගීතයට අරන් තියෙන කෝල් මුර කවි වල තේරුම දාන්නකෝ.
ReplyDeleteසිය වරක් මෙපද මා අසා විඳිමුත්...
Deleteනොදුටුවෙමි හසරක්
ඒ අරුත්...
රස පිරුණ පද පෙළක් සවනගට වැකුණොත්...
නොපැකිලව පහදලා
දෙන්න මට අරුත්...
Wow lassanai
ReplyDeleteNice ❤️
ReplyDeleteKeep it up
ReplyDelete❤️🔥
ReplyDelete👌👌
ReplyDeleteWoow 😍
ReplyDeleteGòod
ReplyDelete❤️
ReplyDeleteWell done nanga 😍❤️
ReplyDeleteWell done 👍
ReplyDelete👍👍
ReplyDeleteWow niyamai
ReplyDelete