පදරචනය - රණ්බන්ඩා සෙනෙවිරත්න සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනය - අමරසිරි පීරිස්
ළඳුනේ ළඳුනේ
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා එළිය රවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
🌺🌺රණ්බන්ඩා සෙනෙවිරත්න මහතා දැකපු සිදුවීමක් ඇසුරින් මේ ගීතය නිර්මාණය වුනා.කාන්තාවක් ඇගේ රැකියාවට යාමට පෙර දළදා වදින්න යනවා.මේ කන්තාවගේ රැකියාව තමයි ගණිකා වෘත්තීය.
"ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ" ඔහු සැඳෑ කාලයේ ඇයව තනිවම දකිනවා."දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ" මේ කාන්තාව පිරිමින් දෙනෝ දාහක් ඇසුරු කරනවා.ඒ නිසා ඇයට ස්ථිර සැමියෙක් නෑ.ඇයට නෑකමක් කියන්න කෙනෙක් නෑ..එයට හේතු වෙන්නෙ මේ කාන්තාව වීදි සරන කාන්තාවක් නිසා.ඇයගේ රැකියාව නිසා ඇයව සමාජය පිළිගන්නේ නෑ.
තෙල් මල් රැගෙන මේ කාන්තාව බුදුන් පුදන්න යනවා.ඇය බුදුන් දැකලා නිවන් යන්න පාර හොයන කාන්තාවක්.නමුත් ඇය තවත් එක පටාචාරාවක්,කිසාගෝතමියක්.පටාචාරා හා කිසාගෝතමිය ඔවුන්ගේ සියලු වස්තූන් විනාශ වීම නිසා අවසානයේ සිහිවිකල් වෙලා බුදුන් සොයා ගියා.මේ කාන්තාවට කවුරුත් නෑකමක් නොකියන නිසා ඇගේ දුක කියන්නේ බුදුන්වහන්සේට.
"පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ" මේ කාන්තාවට මේ ඉරණම අත් වුනේ පිරිමින් නිසා.පිරිමින් කාන්තාවන් සොයා එනවා,නමුත් සමාජය දොස් පවරන්නෙ කාන්තාවට."අඳුරේ පව් කරන දනා එළිය රවන ළඳුනේ" ඇය රාත්‍රියේ රැකියාවේ නිරත වෙනවා..නමුත් ඇය මේ සමාජයට පිරිමින්ට පිටුපාලා කාලය ගත කරනවා.."ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ" සමාජය දකින්නේ පිට ස්වරූපය පමණයි..මේ තත්ත්වයට පතවුන කාන්තාවගේ හදවත මේ සමජයට,දොස් කියන අනෙක් කිසිදු කෙනෙකුට පේන්නෙ නෑ.ඇය සිය ශරීරය විකිණීමේ රැකියාව කළත් ඇයත් මේ සමාජයේ රැකියාවක් කරන කාන්තාවක්."කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ" පිරිමින් කාන්තාවන් සොයා යාම සිදු කරන නිසා තමයි ඇයව සමාජය විසින් වරදකාරියක් බවට පත් කළේ.
🌺🌺

Wow lassanai
ReplyDelete👍
ReplyDeleteLassanai sihini
ReplyDeleteලස්සනයි ඒක 😇
ReplyDeleteLassanai ❤️
ReplyDelete🎉🎉
ReplyDelete👍👍👍
ReplyDelete🌟
ReplyDelete💪💪💪
ReplyDelete❤❤❤❤ සුපිරි
ReplyDeleteLassanai
ReplyDeleteලස්සනයි
ReplyDelete🦚
ReplyDelete😮😮✌
ReplyDelete✌💪
ReplyDeleteසුපිරි
ReplyDelete