පදරචනය - මහගම සේකර
සංගීතය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටවු උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වළාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
ගල මතුපිට මල පිපෙන්න
මල වට බමරිදු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්
🍁🍁සොබාදහම උපයෝගී කරගෙන විවාහ ජීවිතය ගැන කතා කරන අපූරු ගීතයක් තමයි මේ ගීතය.
කුඹුරක ලියද්දක පිරෙන වැඩි වතුර අයින් කරන්න වගේම,ලියද්දකට වතුර පුරවන්නත් වක්කඩ ඕනි වෙනවා.මේ විදිහට පරිසරය ගැන වර්ණනා කරල තමයි රචකයා මේ ගීතයට පිවිසෙන්නේ.නමුත් මේ ගීතය පරිසරය ගැන සිදු කරන වර්ණනාවක් නෙවෙයි.
"කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා'' මේ 'කටරොළු මල' උපමා කරලා තියෙන්නේ කාන්තාවකගේ ලිංගික අවයවයට. වක්කඩ කියන්නේ වැඩි වතුර ගලාගෙන යන ස්ථානය,එය උපමා කරන්නේ කාන්තාවකගේ ඔසප් වීමේ ක්‍රියාවලියට."තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා"සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් වීමේ ක්‍රියාවලියට දින තුනක් පමණ ගත වෙනවා.ඒ තුන් දවස ගෙගෙන තුරු රචකයා බලා සිටින ආකාරය තමයි මෙයින් කියන්නේ.
"ගල මතුපිට මල පිපෙන්න මල වට බමරිදු නටන්න"ගීතයේ මේ අවස්ථාව වෙනකොට සංගීතය ඉතාම වේගවත්ව වාදනය වෙනවා.රචකයා එයින් ඉඟි කරන්නේ මේ අවස්ථාවේදී මොවුන් දෙදෙනා සමඟ ලිංගික ක්‍රියාවලිය සිදුකරන බව.එයින් ඔවුන් සතුටට පත්වන බව.
මේ කාන්තාව සතුටට පත්වෙලා ඉන්න නිසා ඇය ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනා වෙනවා කියලා රචකයා කියනවා.එහි විදිහට මගේ හිත තවත් වශී කරමින් හිනාවෙයන් කළු කියලා කාන්තාවට කියනවා.🍁🍁

🫣✌️✌️
ReplyDeleteKeep it up 🤞sihinii
ReplyDelete👍🤗
ReplyDeleteFtta
ReplyDeleteGood wirk sihini ♥️
ReplyDeleteLove this ♥️🤩
ReplyDeleteGood.
ReplyDeleteLassanai ❤️
ReplyDeleteGood one 🤩🤗
ReplyDeleteGood...
ReplyDelete👍👍👍
ReplyDelete❤️🔥
ReplyDelete🤗♥️
ReplyDeleteSuperb sihinii
ReplyDeleteSuperb sihinii
ReplyDeleteGood one
ReplyDeleteමරු
ReplyDelete