පදරචනය - ධර්මසේන පතිරාජ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ටී. එම්. ජයරත්න,සුනිලා අබේසේකර
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින
නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ
🌺🌺මේ ගීතය 1980 දි තිරගත වුන හංස විලක් චිත්‍රපටයේ එන ගීතයක්.අනියම් සබඳතාවයක් හා එයින් ඇතිවන මානසික පීඩනයක් ගැන මේ චිත්‍රපටයේ විස්තර කරනවා.මේ ගීතයේ විස්තර වන්නෙත් අනියම් සබඳතාවයක් ගැන.
"හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්" මේ විදිහට පටන් අරන් විස්තර කරන්නේ දෙදෙනෙකුගේ අනියම් සම්බන්ධතාවයක්.මේ පුද්ගලයින් දෙදෙනා හැඟීම් වලට වහල් වීම නිසා ඔවුන්ගේ සිතුම් කුරුල්ලන් වගේ පලා ඇවිල්ලා මේ විදියට අනියම් ඇසුරක් පවත්වනවා.
පුරුෂයා කාන්තාව මලක් වගේ දකිනවා.සිනිදු ,සුකොමල,රුවින් සැරසිලා ඉන්න ලස්සන මලක් වගේ ඔහු ඇයව දකිනවා.ඒ වගේම කාන්තාව නීල ඉඳුවර දියෙන් පිරුණු විලක් වගේ පිරිසිදු වස්තුවක් වගේ දකිනවා..ඒ විදියට කාන්තාවකගේ ලක්ෂණ මේ කොටසින් විස්තර කෙරෙනවා.ඒ වගේ ලස්සන කාන්තාවක් තමයි මේ විදියට අනියම් ඇසුරක නියැලෙන්නේ කියලා මේ කොටසින් පෙන්වනවා.
අවසාන කොටසින් පෙන්වා දෙන්නේ සුවඳ විලවුන් වලින් ගත සරසාගෙන එන කාන්තාව දැකලා මේ පුරුෂයාගේ හැගීම් උද්දීපනය වෙනවා."සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා පවුරු සිරි යහනේ" මොවුන් දෙදෙනාට මේ සබඳකම පවත්වාගෙන යන්න බෑ,ඔවුන් දෙදෙනාටම නීත්‍යානුකූල විවාහය නිසා.ඒ බාධක බිදදාලා ඔවුන් එකතු වෙනවා..
මේ අපූරු ගීතය අපේ රටේ විශිෂ්ට සංගීතවේදියෙක් වුන ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කරපු රසවත් ගීතයක්...🌺🌺

🫣✌️✌️
ReplyDeleteGood
ReplyDelete❤️❤️
ReplyDeleteLassanaiii...
ReplyDelete👍
ReplyDelete🤩🤩🤩🤩🤩
ReplyDeleteEla ela 🤞
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete😁🤗🤩🤩
ReplyDelete❤️🔥
ReplyDeleteLassana
ReplyDeleteLassansi
ReplyDelete👍👍👍
ReplyDelete