පදරචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් හැරුනා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුලන් නැලවූ සුයාමය
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුණු තුසිතය
සුරන් නැලවූ සුයාමය
🌺🌺මේ ගීතය පුරුෂයෙක් කාන්තාවක් නිසා ඇතිවූ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ ගීතයක්.මේ ගීතයේ එන කතානායකයා ස්ත්රී ලෝලී පුද්ගලයෙක් නොවී තපසට හුරුවෙලා ඉන්න කෙනෙක්.
ඒ විදියට තපස් රකින පුද්ගලයා ඉදිරියට කාන්තාවක් දකිනවා.ඒ කාන්තාව නර්තනයක් කරමින් ඔහු ඉදිරියට එනවා.ඒ ගන ඔහු කියන්නෙ කුමරියක පා සළඹ සැලුනා කියන පද පෙලින්.මේ කාන්තාව දුටු පමනින් මේ තරුණයාගේ තපස බිදෙනවා."කුමර බඹසර" කියන්නේ ස්ත්රීන් කෙරෙහි පුරුෂයා ලොල් නොවීම..එසේ සිටි තරුණයාගේ දැහන් බිදෙන්න පටන් ගත් ආකාරය විස්තර කෙරෙනවා.
ඉන් අනතුරුව මේ තරුණිය පිළිබඳව රාගික සිතුවිලි මොහුගේ සිතේ උපදිනවා.''උකුල ළැමහස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර''මේ කාන්තාවගේ උකුල,පියයුරු හා (මලවි කරලිය) කාන්තාවකගේ වටිනාම ආභරණය මේ සියල්ලම ඔහු මනසින් විවර කරලා බලනවා.කාන්තාව ඇඳ සිටින දුහුල් සලු ඔහු මනසින් විවර කරනවා.එහිදී ඔහු මනස සල්ලාලයෙකුට උපමා කරලා තියෙනවා.ඒ එක්කම උමතු වුන ඇස් වලින් ඔහුට පේන්නේ ඔහු ටුසිත දෙව්ලොව ඉන්නවා වගේ...මේක ඉතාම සුන්දර අවස්ථාවක් විදියට මේ තරුණයා හිතනවා.
අවසානයේ දී මේ තරුණයා ඔහුට සිදුවූ දේ ගැන කම්පා වෙන්න පටන් ගන්නවා."නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද"ඔහු කියනවා මම ජීවිතේ කියන තපෝ වනය මැද බොහොම විනීතව හිටියා,ඒ වගේම හැඟීම් නැමැති ඇත්තු දංවැල් කඩාගෙන ඔබ වෙතට ආවා."තලා සිත කම්පනය කරවයි"දැන් හෝ දුක් වෙනවා ඔහුට මේ මොකද උනේ කියලා,බොහොම විනීතව,ස්ත්රීන්ට ලොල් නොවී,දැහැනට සම වැදිලා සිටි ඔහුගේ සිතේ කලින් මැවුනු තුසිතය බිඳෙන්න බිඳෙන්න පටන් ගන්නවා
එහිදී බ්රහ්මචාරී පුද්ගලයකුට කාන්තාවක් නිසා ඔහුගේ දැහැන් බිඳිලා නැවතත් ඔහු සිහියට එළඹෙන ආකාරය පිළිබඳව රචකයා අපූරුවට සදහන් කර්ල තියෙනවා.🌺🌺

Realy good
ReplyDeleteAdhare Sudu manika❤️
ReplyDeleteGood...
ReplyDelete❤❤❤😍😍😍
ReplyDelete❤️💫
ReplyDeleteLassanai godak
ReplyDelete♥️♥️♥️♥️♥️♥️
ReplyDelete👍👍
ReplyDelete♥️♥️👍👍👍
ReplyDeleteWow 💪
ReplyDelete🤗🥰
ReplyDeleteGreat 👍
ReplyDeleteGood job ❤️
ReplyDeleteආසම සින්දුවක් ❤✨️✨️
ReplyDeleteගැහැණු කියන්නේම තපස් බිදන මායාවන්ට
ReplyDeletegood 👍
ReplyDelete❤️
ReplyDeleteChi hari wal මනුස්සයෙක් 🤭😂🤣
ReplyDeleteNice
ReplyDeleteවසා සිටි නෙතු පියන් හැරුනා ලොකු තේරුම්ක් තියෙන පද ගැලපුමක්
ReplyDelete❤❤❤
ReplyDeleteOyage wade harima lassanai.👍
ReplyDelete🤗😁👍
ReplyDelete