පදරචනය - චතුර ගීතනාත් බණ්ඩාර
සංගීතය - ප්‍රියන්ත නාවලගේ
ගායනය - චාමර වීරසිංහ
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං
රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඩුවේ දුකට රත්තරං
ඇතුගල කන්ඳ තවම සඳ සිපගන්න තරම
ඇක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුනම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරං
🌻🌻මේ ගීතය ලියවිලා තියෙන්නේ ඇතුගල රන්තාලිය වැව අසල ප්‍රේම කරපු දෙදෙනෙක් ප්‍රේමය නැවත සිහි කරන ආකාරය පිළිබඳව යි.
මේ ප්‍රේමවන්තයා ප්‍රේම කරපු ප්‍රේමවන්තිය දැන් ඔහුට අයිති නෑ.ඇයව දැන් වෙන කෙනෙකුට අයිති වෙලා.හැබැයි ඔහු මතක් කරනවා ඇය සමඟ ආදරයෙන් ගත කරපු කාලය.
කුරුණෑගල ප්‍රදේශයේ බොහෝ පෙම්වතුන් පෙම් කරන්න තෝරාගන්න ලස්සන තැනක් තමයි,මේ රන්තාලිය වැව අද්දර සුන්දර පරිසරය. මේ ගීතයෙන් කියන්නේ මේ පෙම්වතාට හිටපු පෙම්වතිය ගැන "ලිහිණන්" ඔහුගේ යහළුවන් කියද්දී ඒ දුක ඉවසාගන්න බැරුව ඇතුගල වෙහෙර මළුවෙ ඔහු දුක් වෙන ආකාරය පිළිබඳව මේ පළවෙනි පද පේළියෙන් විස්තර වෙනවා.
මේ රන්තාලිය වැව ළඟ උන් කාලය උන් කාලය,ඒ අතීත මතක සියල්ලම අරගෙන මේ පෙම්වතිය ඔහු අතහැර යන්න ගිහින්.ඔහු මේ මතක සිහි කරමින් තාමත් වැව පාමුල ඉන්නවා.
රාත්‍රියේ හඳ පායනකොට ඇතුගල කන්ද සඳ සිපගන්නවා වගේ ඔහු දකිනවා.ඒ දර්ශනය දකින ඔහුට මතක් වෙන්නෙ ඔහු පෙම්වතිය සිපගත් ආකාරයයි.ඔහුට හිත ගිනි ගන්නවා වගේ දනෙනවා .ඔහුගේ හිතේ ඇතිවෙලා තියෙන දුක දකින කුරුණෑගල අහසත් ඔහු වෙනුවෙන් අඬයි කියලා ඔහු කියනවා.
ඉතින් විරහව ගැන කියවෙන අපූරු ගීතයක් තමයි මේ ඇතුගල වෙහෙර වදින ගීතය.කුරුණෑගල ප්‍රදේශයේ ඉන්න අයට වගේම කුරුණෑගල යන ඕනෑම කෙනෙකුගේ මුවඟට නිතැතින්ම සිහිවෙන්නෙ මේ ගීතයයි.🌻🌻

niyama wedak
ReplyDelete❤️❤️❤️
ReplyDelete✌️✌️
ReplyDeleteNiyamai
ReplyDeleteආස කරන ගීතයක්
ReplyDelete❤️💫
ReplyDeleteLassana githayak
ReplyDelete❤️
ReplyDelete❤❤❤😍
ReplyDeleteHarima lassanai ❤️
ReplyDeleteMata nm kiyanna තියෙන්නේ oya sinduwe ena pem wathata .dn oka amathaka krl wena kenek hoya ganin bn kiyl තමයි 😁
ReplyDelete🌟
ReplyDelete❤❤❤
ReplyDelete✨️👌
ReplyDelete❤😍🥺
ReplyDelete🥺🥺
ReplyDelete👍👍👍♥️
ReplyDeleteසා
ReplyDelete