මතක ලන්තෑරුම්
පදරචනය - අභිශේකා විමලවීර
සංගීතය - ලහිරු ද කොස්තා
ගායනය - අභිශේකා විමලවීර
මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුනා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුනා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුලින්
කමිස උරහිස තෙමී තිබුණා
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක උනත්
මගෙ හදවතට දැනුනා
නොදැනුනා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා
පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා
🌼🌼මතක ලන්තෑරුම් ගීතයේ ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ තුන්කොන් ආදර කතාවක් ගැන.මේ ගීතය මුලින්ම ආරම්භ වෙන්නේ " මතක ලන්තෑරුම් අඳුර මැද" කියලා.අපිට මතකයක් කියන්නේ ටිකක් අපහැදිලි දෙයක්.අපි කාට හරි ආදරේ කරනවා නම් ඒ මූණ මතක් කරන්න උත්සාහ කරද්දී එකපාරටම මතකෙට එන්නේ නැහැ.ඒ රූපය ටිකක් බොඳවෙලා වගේ තමයි පේන්නේ.ලන්තෑරුම් එළියත් ඒ වගේනෙ.හරිම අපැහැදිලි එළියක් තමයි ලන්තෑරුම් එළියත් අපිට දෙන්නේ.ඊට පස්සේ මේ ගීතය කියන්නේ ''ඔබේ හුස්මක සුවඳ දැනුනා''කාන්තාවකට පුරුෂයෙකුගේ හුස්ම සුවඳ,ලෝකෙ තියෙන අනික් සුවඳවිලවුන් වලට වඩා ගොඩක් වටිනවා.
ඊට පස්සේ මේ පද පේළියෙන් කියනවා "අහම්බෙන් මට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුනා"මෙතැනදී ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි,මේ ගීතය කියන්නේ,මේ ප්‍රේමවන්තයාගේ බිරිඳ ද නැත්නම් ඔහුගේ පෙම්වතිය ද කියලා.මේ ගීතය මේ කාන්තාවො දෙදෙනාම තමන්ගේ දෘෂ්ටිකෝණවලින් ගායනා කරනවා.එතකොට මේ 'මැද්දේ මම තනියෙන්ම තෙමුනා' කියද්දී පෙම්වතිය ඉන්නෙ ප්‍රේමවන්තයා සමඟ.ඇය ඔහුගේ ප්‍රේමය අපේක්ෂා කරමින් ඉන්නවා.ඒත් මේ ප්‍රේමවන්තයා ටිකක් ආඩම්බර,මංමුලා වූ පුද්ගලයෙක්.මේ ප්‍රේමවන්තියට ඉතාම ලේසියෙන් ඔහුගේ ආදරය ලබා ගන්න බෑ.හැබැයි මේ දෙදෙනා ඉතාම ආදරයෙන් ඉන්න අවස්ථාව බිරිඳගේ ආත්මය දකිනවා.ඇයට මතක්වෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක මීට කලින් ආදරය කරද්දී දැනුන හැඟීම්,ඒ නිසා තමයි ඇය කියන්නේ අහම්බෙන් වට මුරුගසන් වැසි මැද්දෙ මම තනියෙන්ම තිබුණා කියලා.ඒත් එක්කම තමයි මේ 'මුරුගසන් වැස්ස' කියන පදය,මේ වැස්ස කියන්නේ ඉතාම විනාශකාරී දෙයක්.ඒ වගේම තමයි අනියම් සම්බන්ධයත්.එයත් විනාශකාරී හැගීමක්.ඒ එක්කම කියනවා," දැනුනේ නැතුවට මගේ කඳුලින් කමිස උරහිස තෙමී තිබුණා"මේ අවස්ථාවේ දී පෙම්වතියට අවශ්‍ය ආදරය ඔහුගෙන් ලැබෙන්නෙ නැති නිසා ඇය හඬන බව රචකයා සඳහන් කරනවා.
ඒ අතරේ මේ පුරුෂයා කතාව ආරම්භ කරනවා.ඔහු කියනවා,"මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා"මෙතැනදී ඔහු කියන්නේ ඔහු ප්‍රේමවන්තිය සමග හිටියත්,ඔහුට සිය බිරිඳගේ මතකයන් තවමත් හැංගෙනවා කියලා.ඔහුට විටෙක හිතෙනවා බිරිඳ තමා දිහා බලාගෙන ඉන්නවාදෝ කියලා.ඒ නිසා ඔහුට ප්‍රේමවන්තියට සිය ආදරය පරිපූර්ණව දෙන්න බැරි වෙලා තියෙනවා.නොදැනුනා වගේ හිටියත් ඔහුටත් රිදෙනවා කියලා කියනවා.ඒ නිසා ඔහු උත්තර දෙන්නේ කාන්තාවන් දෙන්නටම.
ඊට පස්සේ ආයෙත් මොහු කියනවා"පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා" නිල් පාට කටරොළු මලක නිල පිපුනු හිතකට දෙන්න තිබුණා"මේ පුරුෂයා කියන්නේ ජීවිතෙන් පැරදිච්ච කෙනෙක්,බිරිඳ නැති උන කෙනෙක්,එනිසා එහි හිත ඔහේ පරවෙලා යන්න තිබුණා කියලා ඔහු කියනවා.එහිදී "නිල් කටරොළු මල" උපමා කරලා තියෙන්නේ කාන්තාවකගේ ලිංගික අවයවයට.එතැනදී නිල් පාට ආදේශ කරල තියෙන්නේ පිරිසිදුකමට.එතකොට මේ බිරිඳගේ සහ ප්‍රේමවන්තියගේ ආදරය ඉතාම පිරිසිදුයි.ඉතින් ඒ ආදරය මොහු වගේ සල්ලාල පුද්ගලයෙකුට නොදී පිපුණු හිතකට දෙන්න තිබුණා කියලා ඔහු මේ කාන්තාවන් දෙන්නටම කියනවා.
අවසානයේදී මේ කාන්තාවෝ දෙන්නම කියනවා,"තනිය හුරු මට මගේ ලෝකෙ තනිය තනිනොකරන්න තිබුණා,එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා"ඉතින් මේ ආදර කතාවෙන් පැරදුණු කාන්තාවන් දෙන්නම කියන්නේ,මොහු හමුවූ හමුවූ පළවෙනි දවසේ ඒ ඇස් දෙක දිහා බලන් නැතුව බිම බලාගෙන ගියානම් අද මේ දෙදෙනාට මේ වගේ ඉරණමක් අත් වෙන්නේ නෑ කියලා.
ඉතින් ඒ වගේ ලස්සන ගීතයක් අද දවසේ විචාරයට ලක් වුණා.මේ ගීතය අභිෂේකා විමලවීරයන්ගේ හඩින් සහ පද රචනයෙන් හැඩ වුණා.🌼🌼
Man kamathima geethayak.eth eke theruma danagaththe ada..♥️♥️👍
ReplyDelete❤😍😍😍😍
ReplyDeleteඅලුත් සින්දුවක්. ලස්සන අර්ථයක්
ReplyDelete❤️❤️
ReplyDeleteMan aasama githayak
ReplyDeleteWell done dr✌️
ReplyDeleteලස්සනයි
ReplyDelete♥️👍♥️
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සනයි 🖤
ReplyDeleteලස්සනයි
ReplyDeleteLassnii
ReplyDelete👌👌
ReplyDelete❤️🔥
ReplyDeleteමෙහෙම sinduwak thiyenw kiyl mn danagatteth nangi ge blog eken
ReplyDeleteLassanai ❤️
ReplyDeleteThanks for meaning ❤✨️
ReplyDeleteLassanai👍
ReplyDelete