සිහිල් පින්න ගාව ගාවා
පදරචනය - නිලාර් එම් කාසිම්
සංගීතය - භාතිය සන්තුෂ්
ගායනය - නිරෝෂා විරාජිනි
සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා වුනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුනාවේ
රැයේ නොසොල්ලා මලේ රොන් සිඹින්නා
සඳේ රැස්ද මා දැන් අවුලාවී
හසුන් තුඩු හඬාවා මෙවුල් දම් බිඳේවා
නිවාලන්න ගිනිගත් සන්තානේ
සුසුම් සර විළාපේ ලවන් පීර පීරා
පිපාසෙන්ද මත්වී මල් යහනේ
හැඟුම් නග්න දෑසේ නොකී භාව ගීයේ
සදානන්ද සීමා කොයි මානේ
🔴පෙනෙන ගීතයේ නොපෙනෙන පැතිකඩක් සොයා යන ගමනේ තවත් දවසක් අද. නිරෝෂා විරාජිනී ගායිකාව ගායනා කරන සිහිල් පින්න ගාව ගාවා ගීතය.
මේ ගීතයේ මුල් කොටසේ තියනවා "සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ" කියලා මේ ගීතයේ කතානායිකාවට දැනෙන හැඟීම පිළිබඳව තමයි මේ විස්තර කරන්නෙ,සුලඟ කියලා කියන්නේ ගත හිරිවට්ටන දෙයක්.ඒකට පින්නත් එකතුවෙලා සරාගී විදියට තමා ලඟට ලංවෙද්දි හරිම සුන්දරයි.එහෙම හමාගෙන එද්දි ලස්සන දෑසක් ඇයව කොනිත්තනවා වගේ එයාට දැනෙනවා.ඒ කියන්නේ හරි අපූරු පිරිමි රුවක් වෙන්න පුළුවන්.පිරිමි ඇස් දෙක්කට පුළුවන් ගැහැණු හිතක් බැල්මකින් ආකර්ෂණය කරගන්න.ඊළඟට කියනවා "රැයේ සුන්දරත්වයදෝ මේ නිදාඋන් හැඟුම් උදාවේ මගේ ජීවිතේ මල් පිපුනාවේ"මේ පිරිමියා දැක්කා පමණින් කාන්තාවක හිතේ හැංගිලා තිබුන හැඟුම් අවදි වුණා කියනවා.මේ සියලු දේවල් සිද්ධ වෙනකොට ඇගේ ජීවිතේ මල් පිපෙනවා කියල කියනවා.
මේ කොටස හරි අපූරු වචන ටිකකින් හැඩ ගැහිලා තියෙනවා."රැයේ ඇස් නොසොල්ලා මලේ රොන් සිඹින්නා"රචකයා මේ පද පෙළින් අපූරුවට සඳහන් කරන්නේ මේ දෙදෙනාගේ මධුසමය ගැන.මධුසමයේදී තරුණියකගේ සිතේ ඇති වන හැඟීම් පිළිබඳව තමයි මේ ගීතය පුරාවටම විස්තර වෙන්නේ.ඉන්පස්සේ "සඳේ රැස්ද මා දැන් අවුලාවී" සඳ කියන්නේ අදහස්,හැඟීම් වැඩි කරන්න පුළුවන් වස්තුවක්.ඉතින් මේ හැඟීම් උද්දීපනය වෙලා ඉන්න කාන්තාවගේ හැඟීම් තවත් වැඩිකරන්න මේ සඳට පුළුවන් වෙලා තියෙනවා.මේ අවස්ථාවේ ඇය කියනවා "හසුන් තුඩු හඬාවා මෙවුල් දම් බිඳේවා" හසුන් කියන්නේ කාන්තාවකගේ පියයුරු,මෙවුල් දම් මණිමේකලාව බිඳලා ඇයව නිවාලන්න කියලා මේ තරුණිය කියනවා.ඒත් මෙයඅරුණ යට කරන ප්රකාශයක් නෙවෙයි.මේ සියල්ලක්ම ඇගේ සිතේ ඇතිවන හැඟීම් විතරයි.
මේ තුන්වෙනි කොටසේ කියනවා"සුසුම් සර විලාපේ ලවන් පීර පීරා පිපාසෙන් ද මත්වී මල් යහනේ"මදුසමය අවස්ථාවකදී එම යහන මල් වලින් සරසනවා,ඒ අවස්ථාව සුන්දර වීම සඳහා.මේ තරුණිය තව දුරටත් සිහි කරන්නේ ඇගේ හැගීම් වලින් පිරුනු මේ පිපාසය සන්සිඳින්න කියලා..
ඉතින් මේ විදිහට ඉතාමත් අලංකාර ශෘංගාර ගීතයක් රසවිදීමේ හැකියාවක් ලැබුණා.අලංකාර ගීතයක් උනාට මේකෙ තේරුම දැන නොගෙන හිටපු අයට අද මේ ගීතයේ අරුත දැන ගන්න ලැබුණා.මේ ගීතය ලස්සන සංගීතයකින් හඩවෙලා තියෙනවා.🌼🌼
සිංදුව ඇහුවට මෙච්ව්චචර දෙයක් දන් නෑනේ.. අපි
ReplyDelete❤️🔥
ReplyDeleteඅනේ තැන්ක්යූ 🥹🥺💓
ReplyDelete✌️🤨
ReplyDelete♥️♥️
ReplyDeleteMaru
ReplyDeleteලස්සන ගීතයක්
ReplyDeleteSindu ahuwt mokd kawadawath mechara pada rachanaya athule kimidila baluwe na .attatama සුපිරි nangi ❤
ReplyDeleteLassanai..
ReplyDeleteNiyami
ReplyDeleteSinduwa athule mehema deyak hangila thiyenawa kiyala adai danne...👍
ReplyDeleteහරිම තේරුම දැනගත්තේ අද...ලස්සනයි සිහිනි විචාරය ✨️❤
ReplyDeleteOyage wede godak hodai..
ReplyDeleteAththatm godak lassani.padha galapima godak hodat krla thiyenawa.wachanin wachane lassan arthayk tiyenawa..lassani suba anagthayk
ReplyDeleteNice❤
ReplyDeleteSinduwa ahuwata therum danagaththe meken.
ReplyDelete