Thursday, April 27, 2023

තොල්පෙති විතරක්

 








පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ 

සංගීතය - රෝහණ වීරසිංහ 

ගායනය - සශිකා නිසංසලා 


තොල් පෙති විතරක්

පළමු හාදුවෙන් තෙමන්න

සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න 

පුරහඳ එක්ක එන්න නිල් අහසට


විරහී හදවත් 

සඳුන් උලා සිහිලැල් කොට 

නෙතු වියන් අගට පලදා 

සුදු මුතුලැල් පොට

පුරහඳ එක්ක එන්න නිල් අහසට 


කටු කම්බි පවුරු 

පදනම් නොපෙනේ සදහට

එක යායක් වී

මුළු ලෝකය හඳ එළියට

පුරහඳ එක්ක එන්න නිල් අහසට 


🌻🌻 මේ ගීතය සරල බස් වහරකින් ලියවිලා තිබුනට ගැඹුරු අරුතක් ඇති අපූරු ගීතයක්.


මේ ගීතයෙන් කියන්නේ සේපාලිකා මලකට රෑට පිපිප්ලා හිනාවෙන්න පුරහඳට එන්න කියලා.ඒ කියන්නේ සමාජය ලස්සන වෙන්න මේ සමාජයේ යහපත් ගතිගුණ තියෙන මිනිස්සු ඉන්න ඕනි කියලා.ඒ වගේමයි ඒ ගුණයහපත්කම වැඩිකරගන්න කියලා.


විරහව නිසා දුකට පත්වෙලා තියෙන සිත් සඳුන් ගාලා සුවපත් කරන්න කියලා කියනවා.ඇස් මුතු වගේ දිලිසෙන්න ඇස් වලට සතුටක් ගේන්න පුරහඳට එන්න කියනවා මේ අහස බබළවන්න.


හඳ පායද්දී කටු කම්බි,පවුරු වලට කියලා වෙන් වෙන වශයෙන් පායන්නෙ නෑ.ඒ පායන හඳ මුළු ලෝකෙටම එකම විදියට පායන්නෙ.ඒ වගේ මිනිස්සුන්ගේ ගුණයහපත්කම ජාති,ආගම්,කුල භේදයකින් තොරව ලබාදෙන්න කියන අදහස මේ කොටසින් ඉස්මතු වෙනවා.මේ මනුස්සකම එක විදියට හැමෝටම ලබාදෙන්න කියලා කියනවා.


ඒ වගේමයි, 

මේ ගීතය තුළින් මේ සේපාලිකා මල තරුණියකටත් පුරහඳ තරුණයෙකුටත් උපමා කරන්න පුළුවන්.මේ හදඑළිය නමැති ආදරය අරන් විරහ වේදනාවෙන් ඉන්න මේ තරුණියගේ සිත සනසන්න පුරහඳ එක්ක එන්න කියලා කියනවා.ඒ වගේම ජාති,ආගම්,කුල භේදයකින් තොරව එක යායක් වගේ මේ ආදරයෙන් ලොව සුවපත් කරන්න කියන අදහසත් මේ ගීතයෙන් අරගන්න පුළුවන්.🌻🌻



12 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...